හරක් කටාගේ නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය කල් යයි

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නැමැත්තාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පනවා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ඔක්තෝම්බර් 29 දක්වා කල් තැබීමට මහාධිකරණය විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද (01) නියෝග කළා.

එම නඩුව අද (01) දිනයේ විවෘත අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු සාක්ෂි ලබාදෙනු ලැබුවා.

එමෙන්ම නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නැමැත්තා ද අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

2015-06-10 දින හර්ෂ යෂස්වි ජනම්වීර නැමැත්තා හා එක්ව මුල්ලේරියාව ප්‍රදේශයේ පිහිටි අනුර පාලිත පෙරේරා නැමැත්තාගේ නිවසට කඩාවැදී රුපියල් විසිදහසක මුදලක් පැහැරගැනීම සහ නිවසේ තිබූ මෝටර් රථයක් පැහැර ගැනීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38