හරක් කටාගේ ගෝලයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ මුදල් ගණුදෙනු අන්තර්ජාලය හරහා මෙහෙය වූ පුද්ගලයාපොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රනාල බටේවෙල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.

ස්කකරු පරිගණක පිළිබඳව ඉංජිනේරුවරයකු වන අතර රනාල ප්‍රදේශයේ දුරකථන සන්නිවේදන ආයතනයක් පවත්වාගෙන යමින් හරක් කටා නැමැත්තාගේ මුදල් ජාවාරමට සම්බන්ධ වී කටයුතු කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මීට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා ව්‍යාජ චෙක්පත් දී රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලයෙකු බවට ද තොරතුරු හෙළිවී තිබෙනවා.

කොට්ටාව ප්‍රදේශයේ පුද්ගලයෙකු රවටා ව්‍යාජ චෙක් පතක් දී රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී ලැබුණු තොරතුරකට අනුව සැකකරු රනාල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුගේ ජංගම දුරකථනය හා බැංකු කාඩ් පත ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වී ඇත්තේ ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ මුදල් ගනුදෙනු අන්තර්ජාලය හරහා මෙහෙය වූ පුද්ගලයා බවටයි. එම ගණුදෙනු වෙනුවෙන් මොහුට විශාල වැටුපක් ගෙවා ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මීට අමතරව කොට්ටාව, පොල්ගහවෙල, හොරොව්පතාන, රත්නපුර, මිනුවන්ගොඩ, වරකාපොල සහ කැබිතිගොල්ලෑව යන ප්‍රදේශවල පුද්ගලයින් රවටා ව්‍යාජ චෙක්පත් දී රුපියල් කෝටියකට අධික මුදල් වංචා කිරීමේ සිදුවීම් රැසක තොරතුරු ද අනාවරණ වී ඇතැයි සඳහන්.

ඊට අදාළ නඩු කටයුතු හමුවේ අධිකරණය මග හැරීම හේතුවෙන් විවෘත වරෙන්තු 07ක් සහ දින වරෙන්තු 03ක් පවතින බවටයි හෙළිවී ඇත්තේ.

මීට අමතරව සැකකරු තම දුරකථන සන්නිවේදන මධ්‍යස්ථානය තුළදී සහ රත්නපුර ප්‍රදේශයේදී තරුණියන් දෙදෙනෙකු රවටා ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ අධිකරණය මඟ හරිමින් සිටි පුද්ගලයෙක් බව ද සඳහන්.

සැකකරු තම ජාවාරම් සඳහා ව්‍යාජ නම් හතරක් භාවිතා කර ඇති අතර තිස්සමහාරාමය සහ හෝමාගම ලිපිනයන් භාවිතා කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03