හරක් ඇනලා පාසල් සිසුන් පහක් රෝහලේ

හපුතලේ, බෙරගල ප්‍රදේශයේ දී අද (11) උදෑසන පාසල් යමින් සිටි සිසුන් පිරිසකට මාර්ගයේ සිටි ගව රංචුවක් ඇනීමෙන් තුවාල ලබා හල්දුම්මුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ බෙරගල බත්ගොඩ විපුලානන්ද විද්‍යාලයේ හය සහ හත යන ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් පස්දෙනෙක්.

බෙරගල – හල්දුම්මුල්ල මාර්ගයේ මෙම සිසුන් ගමන් කරමින් සිටිය දි බෙරගල මංසන්ධියට පහළින් මාර්ගයේ සිටි ගවයින් රංචුවක් සිසුන්ට ඇන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම ගවයින්ගේ හිමිකරුවන් සොයා හපුතලේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.