හයේ පහර වරුසාවක්…

දමිළ බසින් තේන්ග කියන්නේ පොල් වලට, ප්‍රවේගකාරි පිති හරඹයන් දැක්කම අපිට නිකම්ම කියවෙනවා “තේන්ග අඩි ගහනවා” කියල.ගමේ බසින් කියනවා නම් පොල් අඩි ගහනවා කියලා අපි කියනවා.

ඊයේ අවසන් උන තරගයෙත් අපිට ඒ ආකාරයේ පිති හරබයක් දකින්න ලැබුනා, තරගාවලියේ 7 වැනි තරගයේ දී හයේ පහර වරුසාවක අත්දැකීම ලබා ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වුණා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු හා තිසර පෙරේරා මෙම හයේ පහර සංදර්ශනය ප්‍රේක්ෂකයින්ට තිළිණ කළේ කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ කාසියේ වාසිය දිනූ වොරියර්ස් පිල පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා ඉනිමට තෙවැනි පන්දුවාරයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.අනතුරුව තරගය තාවකාලිකව නතර කිරීමට සිදු වූ අතර, පසුව එක් ඉනිමක් පන්දුවාර 14කට සීමා කරමින් තරගය යළි ආරම්භ වුණා.

ජැෆ්නා කිංග්ස් ඉනිමේ තෙවැනි කඩුල්ල සදහා අවිශ්ක ප්‍රනාන්දු හා තිසර පෙරේරා පන්දු 33කින් ගොඩ නැගූ සබදතාවය ලකුණු 105ක්.

අවිශ්ක පන්දු 23කින් ලකුණු 53ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 7ක් ඇතුළත් වූ අතර, තිලකරන්න සම්පත් යොමු කළ පන්දුවාරයකට හයේ පහර 5ක් අඛණ්ඩව එල්ල කිරීමට ද අවිශ්ක සමත් වීම කැපී පෙනුණා.තිසර පන්දු 21කින් ලකුණු 53ක් රැස් කළා. හයේ පහර 6ක් හා හතරේ පහර 2ක් එම ඉනිමට ඇතුළත්.

නියමිත පන්දුවාර 14 අවසානයේ දී කිංග්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 181ක් ලබා ගැනීම විශේෂත්වයක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට ජයග්‍රහනය සදහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ හිමි වූ ඉලක්කය ලකුණු 181ක්.

කෙසේ වෙතත්, පන්දුවාර 14 තුළ දී කඩුලු 5ක් දැවී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 166ක් පමණයි.ආරම්භක කඩුල්ල සදහා චරිත් අසලංක හා කෙනාර් ලුවිස් අතර ලකුණු 64ක සබදතාවයක් ගොඩ නැගුණා.අසලංක පන්දු 19කින් වේගවත් ලකුණු 42ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමගින්.

අනතුරුව පිටියට පිවිසි රොව්මන් පවෙල් කිංග්ස් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළා.පන්දු 19කින් ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 61ක්. ඔහු සිය අර්ධ ශතකය පන්දු 15කින් වාර්තා කළ අතර, එය වාර්තා අතරට එක් වුණේ එල්.පී.එල් ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තා කළ දෙවැනි වේගවත්ම අර්ධ ශතකය ලෙසයි.

ඔහුගේ ඉනිම හයේ පහර 7කින් හා හතරේ පහර 2කින් වර්ණවත් වුණා.ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස පවෙල් දැවී යාමත් සමග කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ ජයග්‍රහනයේ බලාපොරොත්තු කෙමෙන් කෙමෙන් ගිලිහී ගියා.

කෙනාර් ලුවිස් ලකුණු 41ක් ලබා ගත් අතර, කමිදු මෙන්ඩිස් ලකුණු 9යි.පන්දු යැවීමේ දී ජෙයිඩ්න් සීල්ස් කඩුලු 2ක් ද, සුරංග ලක්මාල් හා චතුරංග ද සිල්වා එක් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

වනිදු හසරංග යොමු කළ පන්දුවාර 3 තුළදී ප්‍රතිවාදීන් ලකුණු 47ක් රැස් කිරීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23