හයේෂිකාගේ චණ්ඩිකම්වලට එරෙහිව ගම්වාසීන් මීගමුව අධිකරණය ඉදිරිපිට විරෝධතාවක (වීඩියෝ)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පන්ති (පෞද්ගලික) ගුරුවරියක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන ‘ටීචර් අම්මා’ හෙවත් හයේෂිකා ප්‍රනාන්දු නමැත්තියට එරෙහිව මේ වනවිට (14) උද්ඝෝෂණයක් ආරම්භ වී තිබෙනවා.

ඒ මීගමුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිටයි.

දසත ප්‍රාදේශීය වාර්තාකාරිණිය වාර්තා කරන පරිදි මේ වනවිට සැඟව සිටින හයේෂිකා ප්‍රනාන්දු සැකකාරිණිය ව අත්අඩංගුවට ගන්නා ලෙසට බල කරමින් කිඹුලපිටිය – ගල්මංකඩ ප්‍රදේශවාසීන් විසින් මෙම නිහඬ විරෝධතාව සිදු කරනු ලබනවා.

පසුගිය සතියේ අදාළ උපකාරක පන්ති ගුරුවරිය විසින් ඇයගේ උපකාරක පන්ති පැවැත්වෙන ආයතනයේ සේවය කරන තරුණයෙකුගේ වෘෂණ කෝෂවලට හානි වන අන්දමින් බිම දමා කුරිරු අන්දමින් පහර දී ඇති බවටයි වාර්තා වූයේ.

පසුව එම තරුණයා අසාධ්‍යය තත්ත්වයට පත් ව මීගමුව රෝහලට ඇතුළත් කෙරුණා.

එම සිදුවීමෙන් පසුව හයේෂිකා ප්‍රනාන්දුගේ ස්වාමිපුරුෂයා සහ ආයතනයේ කළමනාකරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඊයේ (13) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඔවුන් අද පෙරවරුවේ බන්ධනාගාරයේ සිට අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ආ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

කෙසේවෙතත් මෙම සැකකාර ටීචර් අම්මා (හයේෂිකා ප්‍රනාන්දු) නමැත්තිය අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 03ක් මේ වනවිට යොදවා තිබෙනවා.

පොලිසිය පවසන්නේ, සැකකාරිය ඇයගේ දූරකථනය ද ක්‍රියා විරහිත කර දියණිය ද සමග ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි.

පහරකෑමට ලක් වූ තරුණයාගේ සහෝදරිය ෆේස්බුක් පිටුවක හයේෂිකා සම්බන්ධයෙන් පළ කළ පෝස්ටුවක් සම්බන්ධයෙන් පළි ගැනීමක් වශයෙන් එම තරුණයාට ඇගේ සැමියා සහ ආයතනයේ කළමනාකරු පහර දී තිබූ බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබුණේ.

ඒ අනුව ඇයගේ සැමියා සහ කළමනාකරු කටාන පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කෙරුණා.


එම නියෝග ප්‍රකාරවයි සැකකරුවන් ව අද අධිකරණය හමුවට රැගෙන ආවේ.

හයේෂිකා ප්‍රනාන්දු නමැත්තිය විසින් ඇයගේ ආයතනයේ සේවය කරනු ලබන තරුණියකට පරිගණකය හසුරුවන ආකාරය උගන්වන ලෙස පහරකෑමට ලක් වූ තරුණයාට පවසා ඇති අතර එහිදී එම තරුණයා විසින් එම තරුණියගේ අතින් ඇද අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහා හයේෂිකා ප්‍රනාන්දු නමැත්තියගේ සැමියා සහ කළමනාකරු එම තරුණිය ද කැටුව කටාන පොලිසියට පැමිණ තිබුණා.

එහිදී දෙපාර්ශ්වයෙන්ම ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව හයේෂිකා ප්‍රනාන්දු නමැත්තිය, ඇයගේ සැමියා සහ කළමනාකරු විසින් එම තරුණයාට පහර දී ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

  1. දැන් ගුටි කාපු එකා හිරේ යන සීන් එකක් තියෙන්නේ.. බලපං සල්ලි බලේ…🤔🤔😁😁😁



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14