නිකවැරටිය පොලිස් වසමේ, නිකවැරටිය නගරයේ දී, අධි ධාරිතා යතුරුපැදි 04ක් ධාවනය කරමින් සිටි තරුණයන් සිව්දෙනෙක් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විවිධ ශබ්ද සයිලන්සර් සවිකර, අධික වේගයෙන් ඔවුන් මෙම යතුරුපැදි, මාර්ගයේ ධාවනය කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම යතුරපැදි සියල්ල ව්‍යාජ අංක තහඩු සවිකර ධාවනය කර ඇති බවට දැනට සිදුකර ඇති විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
සැකකරුවන් වයස අවුරුදු 18, 19, 20 සහ 22 යන වයස්වල පසුවන, නිකවැරටිය, විතිකුලිය, කොබෙයිගනේ සහ තුත්තිරිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.













