හයිවේ එකේ බයික් පැදපු පුද්ගලයා අත්අඩංගුවට

දක්ෂිණ අධිවේගී මාර්ගයට නීතිවිරෝධී ලෙස ඇතුළු වී යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කළුතර – මතුගම මාර්ගයේ පැමිණි සැකකරු දොඩම්ගොඩ පිවිසුම් ස්ථානයෙන් මාතර දෙසට අධිවේගී මාර්ගයට ඇතුළු වී වැලිපැන්න දෙසට ගමන් කිරීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වූයේ.

සැකකරු පසුපස ලුහුබැඳ ගිය පොලිස් නිලධාරීන් පිරිසක් අතර මඟදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු අධික ලෙස බීමත්ව සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දොඩම්ගොඩ පොලිසියට භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
18
+1
2
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52