spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හයිද්‍රාබාද් නායකත්වයට කමින්ස්

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක පැට් කමින්ස් හට පවරා ඇති බව වාර්තා වනවා.

පැට් කමින්ස් සන්රයිසස් නායකත්වය පත්කළ බවටවන නිල නිවේදනය එම කණ්ඩායම විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 20.5 ක දැවැන්ත මුදලක් වැයකරමින් හයිද්‍රාබාද් කණ්ඩායම පැට් කමින්ස්ව මිල දී ගැනීමට කටයුතු කළා.

ඊට අමතරව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග ද ඉන්දීය රුපියල් කෝටි 1.5ක් වැයකරමින් හයිද්‍රබාද් කණ්ඩායම විසින් මිල දී ගනු ලැබුවා.

මෙවර තරගාවලියේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම එක්වන පළමු තරගය එළඹෙන මාර්තු 23 වනදා කොල්කටා නයිට් රයිඩර්ස් සමඟ පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?