හමුදා වෛද්‍යවරුන් ආරක්ෂක ලේකම්වරයාගේ ඇගයීමට

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ 08 වන වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක උත්සවය ඊයේ (14) පැවැත් වුණේ ආරක්‍ෂක
ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේ හමුදා වෛද්‍යවරුන්ගේ අද්විතීය කාර්යභාරය ඉස්මතු කරමින්, හමුදා වෛද්‍යවරුන් වෛද්‍ය වෘත්තිකයන් පමණක් නොව හමුදා නිලධාරීන් ද වන බවයි.

ඔවුන් යුතුකම, විනය සහ කැපකිරීම්වලින් බෙහෙවින් බැඳී සිටින බවයි ආරක්‍ෂක ලේකම්වරයා පැවසුවේ.

ජෛව ත්‍රස්තවාදය, වසංගත පාලනය සහ රසායනික, විකිරණශීලී සහ න්‍යෂ්ටික තර්ජන ඇතුළු නවීන ආරක්‍ෂක අභියෝගවලට මුහුණදීම සඳහා හමුදා වෛද්‍ය වෘත්තිකයන් සන්නද්ධ කිරීමේ වැදගත්කම ඔහු තවදුරටත් අවධාරණය කළා.

පරිණාමය වෙමින් පවතින පරිසරය තුළ ජාත්‍යන්තර සහයෝගීතාවයේ අවශ්‍යතාවය හඳුනාගනිමින්, පසුගිය වසර අට තුළ නවෝත්පාදනයන් සහ දැනුම බෙදාගැනීම පෝෂණය කිරීම සඳහා හමුදා වෛද්‍ය විද්‍යාලය සිදුකරන ලද මෙහෙය මෙහිදී ආරක්‍ෂක ලේකම්වරයාගේ ඇගයීමට ලක් වුණා.

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ සභාපති සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍ය බ්‍රිගේඩියර් ප්‍රිමාල් පීරිස් විසින් ආරක්‍ෂක ලේකම්වරයා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ජ්‍යෙෂ්ඨ විකලාංග හා කම්පන ශල්‍ය වෛද්‍ය නරේන්ද්‍ර පින්ටෝ සහභාගී වුණා.

හමුදා සෞඛ්‍ය සේවා විශිෂ්ටත්වය ඉහළ නැංවීම, නවෝත්පාදනය සහ ගෝලීය බලපෑම යන තේමාව යටතේ මෙම වසරේ විද්වත් සැසිවාරයේදී, උසස් තාක්‍ෂණය සහ නවෝත්පාදනයන් තුළින් හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් සඳහා සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය පිහිටුවීම හා සංවර්ධනය උදෙසා ඔවුන්ගේ පුරෝගාමී දායකත්වය අගයමින්, ආරක්‍ෂක ලේකම්වරයා මේජර් ජෙනරල් සංජීව මුණසිංහ (විශ්‍රාමික), ශල්‍ය වෛද්‍ය රියර් අද්මිරාල් නිකලස් ජයසේකර (විශ්‍රාමික) සහ එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට විශේෂ ඇගයීමේ සංකේත ප්‍රදානය කෙරුණා.

මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාපතිවරුන්, ත්‍රිවිධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන්, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයෙහි විධායක කමිටු සාමාජිකයින් සහ ජාත්‍යන්තර නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගීව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39