හමුදා ප්‍රහාර හමුවේ හිනැහුණු ජෙරුසෙලමේ තරුණියකගේ කතාව

දින ගණනාවක් මුළුල්ලේ ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරවලින් 230 කට වැඩි පිරිසක් මරුමුවට පත්වූ අතර කාන්තාවන් සහ දරුවන් 100කට වැඩි පිරිසක් ද ඒ අතර සිටිනවා.

ඊශ්‍රායලය පවසන්නේ, ඒ අතරින් 150 කට වැඩි පිරිසක් හමාස් කැරලිකරුවන් බවයි.

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ලකරන ලද දහස් ගණන් රොකට් ප්‍රහාර හේතුවෙන් 12 දෙනෙක් මරුමුවට පත්වූ අතර දරුවන් දෙදෙනෙක් ද ඒ අතර සිටිනවා.

මේ අතර, ජෙරුසෙලමේ ෂෙයික් ජරා (Sheikh Jarrah) ප්‍රදේශයේ දී පලස්තීන ජාතිකයන් උද්ඝෝෂණයක නිරතව සිටියදී ඊශ්‍රායල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණියක් කිසිදු චකිතයකින් තොරව හිනැහෙමින් සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් විශාල පිරිසක් විසින් හුවමාරු කරගනු ලැබ තිබුණා.

පසුගිය මැයි 08 වෙනි දින අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුවත් ඇය සොල්දාදුවාගෙන් දැඩිව ප්‍රශ්න කරමින් සිටියා.

මරියම් අෆිෆි නම් එම 26 හැවිරිදි තරුණිය ජෙරුසෙලමේ වාසය කරන සංගීත ශිල්පිණියක් වනවා..

“ජෙරුසෙලමේ දියණියෝ” (Daughters of Jerusalem) නම් සංගීත කණ්ඩායමේ ‘ඩබල් බේස්’ (double bass) වාදන ශිල්පිනිය වන ඇය “පලස්තීන තරුණ වාද්‍ය වෘන්දය” (Palestine Youth Orchestra) සංගීත සමූහයේ ද සාමාජිකාවකි.

thumbnail 1 1

“මාව ඇදගෙන ගිහිල්ල, පහරදීල ඒ සොල්දාදුවා උත්සහ කළේ එයාට බලයක් තියෙනව කියල පෙන්නන්න,” මරියම් අෆිෆි පැවසුවා.

ඇය බීබීසී සමඟ අදහස් දැක්වූයේ අත්අඩංගුවට ගැනීමෙන් දිනකට පසුව අධිකරණය විසින් ඇය නිදහස් කරනු ලැබීමෙන් අනතුරුවයි.

“මම හිනාවුනේ, දුර්වලයෙක් නොවෙයි නම් කිසිම කෙනෙක් ප්‍රචණ්ඩත්වයට යොමුවෙන්නේ නැති නිසා.”

නිදහස් වී ජෙරුසෙලමේ සිය දෙමාපියන් සමඟ වෙසෙන මහල් නිවාසයට පැමිණ සිටින අතරවාරයේ බීබීසී සමඟ අදහස් දැක්වූ මරියම් අෆිෆි (Maryam Afifi) කියා සිටියේ, පහරදීම සහ රාත්‍රියක් සිර කුටියක ගතකිරීම හේතුවෙන් ඒ වනවිටත් සිය සිරුර කකියන බවයි.

“ප්‍රචණ්ඩත්වය කියන්නේ දුර්වලකමේ සංකේතයක්. මම හිනාවුනේ ඒ බව ඒ සොල්දාදුවාට පෙන්නන්න.”

thumbnail 1 1 1

තමන් දිගටම රඳවා ගැනීමට ඊශ්‍රායල පොලිසියට අවශ්‍යව තිබුණ ද, සිය නීතිවේදීන්ගේ උත්සාහය හේතුවෙන් ඉක්මණින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සිදු වූ බව තරුණ සංගීත ශිල්පිනිය කියා සිටියා.

“මාව අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි කියල මගේ නීතිඥයා තර්ක කළා.”

එය අනුමත කළ අධිකරණය ඇය නිදොස් කොට නිදහස් කළා.

ඇය අත්අඩංගුවට ගනු ලැබුණේ ජෙරුසෙලම නගරයේ උද්ඝෝෂණයක නිරතව සිටියදී පහර දීමට ලක් වූ තවත් තරුණියක බේරාගැනීමට ඉදිරිපත් වූ අවස්ථාවේදීයි.

“මොකක්ද මම කරපු වරද? පහරකමින් හිටපු තරුණියක් ආරක්ෂා කරන්න හදපු එකද?,” යනුවෙන් ඇය දිගින් දිගටම සොල්දාදුවාගෙන් ප්‍රශ්න කරනු වීඩියෝ පටයේ සටහන්ව තිබෙනවා.

“තරුණියක් කලන්තේ දාල බිම වැටිලා හිටිය. කවුරුවත් එයාට උදවු කරන්න ආවේ නෑ. සොල්දාදුවෝ එයාට පහර දීල, එයාව අත්අඩංගුවට ගන්න උත්සහ කළා. ඒ වෙලාවේ තමයි මම එයාට උදවු කරන්න හැදුවේ,” මරියම් බීබීසී සමඟ විස්තර කළා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09