හමුදාවෙනුත් ඉම්රාන්ට සද්දයක්

මේ මස පැවැත්වීමට නියමිත ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ (OIC) සමුළුවෙන් පසු ඉල්ලා අස්වන ලෙස පාකිස්තාන හමුදාවේ ජෙනරාල් කමර් ජාවෙඩ් බජ්වා ප්‍රමුඛ පාකිස්තාන හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් අගමැති ඉම්රාන් ඛාන්ගෙන් ඉල්ලීම් කර ඇති බවත් මේ හේතුවෙන් අගමැතිවරයා වෙත එල්ල වී ඇති දේශපාලන පීඩනය තවත් වැඩි වී ඇති බවත් වාර්තා වනවා.

ඒ අනුව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඉදිරියේ දී දැඩි මර්දන පියවරයන් අනුගමනය කිරීමට ඉඩ ඇති බවත් පවතින තත්ත්වය තුළ ඔහු විසින් හමුදා ප්‍රධානියා නෙරපා හැ‍රියහොත් භයානක තත්ත්වයක් මතු විය හැකි බවත් එරට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

හමුදා ප්‍රධානි බජ්වා , ලුතිනන් ජෙනරාල් නදීම් අන්ජුම් ඇතුළු හමුදා ප්‍රධානින් ඉම්රාන් ඛාන් හමුවීමෙන් පසු පැවති සාකච්ඡාවකදී ඉම්රාන් ඛාන්ට විශ්වාසභංගයෙන් පලායාමේ මාර්ගයක් ලබා නොදීමට ඒකමතිකව තීරණය කර ඇති බව එරට වාර්තාවල සඳහන් වේ.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂය විසින් අද (21) දිනයේ ජාතික සභාවේ කථානායකවරයා වෙත භාරදීමට නියමිතය.

කථානායකවරයා විසින් යෝජනාව පිළිගැනීම හෝ ප්‍රමාද කිරීම ප්‍රතික්ෂේප කළහොත් මාර්තු 22-23 දිනවල ඉස්ලාමීය රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව පැවැත්වෙන සභා ලේකම් කාර්යාලයේ වාඩි වී විරෝධතාවයක නිරත වන බවට ද විපක්ෂය අනතුරු අඟවා තිබේ.

කතානායකවරයා විසින් අද දිනයේ යෝජනාව පිළිගනු ලැබුවහොත් ඊට අදාළ විශ්වාසභංග ඡන්ද විමසීම මාර්තු 28 වැනිදා පැවැත්වෙනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01