රෝහල් සඳහා ද අවශ්‍ය කරන එන්නත් ප්‍රමාණයක් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරේ

කොරෝනා වසංගතයේ පස්වන රැල්ලක් ඇති වීම වැළැක්වීමට අවශ්‍ය වන තාක්ෂණික තීරණ වසංගත රෝග විද්‍යා ඒකකය තුළින් ලබා ගැනීමට අවශ්‍ය වන ක්‍රියාකාරීත්වය සෞඛ්‍ය අමාත්‍යවරයා වසංගත රෝග විද්‍යා ඒකකය තුළ ඇති කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, ඉකුත් සිකුරාදා දිනයේදී මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී වසංගත රෝග ඒකකයේ සියලු විශේෂඥ වෛද්‍යවරුන්ගේ දායකත්වයෙන් කාර්යක්ෂමව, අවශ්‍ය තාක්ෂණික තීන්දු තීරණ, වසංගත පාලන මූලධර්ම වලට අනුව ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟ වී ඇති බවය.

ඒ සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝග කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ, වත්මන් කොවිඩ් මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට වයස අවුරුදු 61ට වැඩි පිරිසට එන්නත් මාත්‍රා දෙක ම ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන දත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මටටමේ සිට ම ලබා ගැනීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇති බවය.

එමෙන් ම, ඒ සඳහා අවශ්‍ය එන්නත් ලබා දීමේදී වසංගත රෝග විද්‍යා අංශය මගින් හමුදාවට පමණක් සීමාවකින් තොරව එන්නත් ලබා දීම වෙනුවට රෝහල් සඳහා ද අවශ්‍ය කරන එන්නත් ප්‍රමාණයක් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට අමාත්‍යවරයා එකඟ වී ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ..

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

21 612c3634da441 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46