හමාස් සටන්කාමීන් 70ක් යටත් වූ බව ඊශ්‍රායලය කියයි

උතුරු ගාසා තීරයේ රෝහලකදී හමාස් සටන්කාමීන් 70ක් ඔවුන්ගේ ආයුධ සමඟ යටත් වූ බව ඊශ්‍රායලය පවසනවා.

හමාස් විසින් පාලනය කරනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශය චෝදනා කර ඇත්තේ ඊශ්‍රායලය එම රෝහලේදීම රෝගීන් 10 දෙනෙකුට ප්‍රතිකාර කිරීම අවහිර කිරීම හේතුවෙන් දෙදෙනෙකු මිය ගිය බවයි.

එමෙන්ම බ්‍රහස්පතින්දා අලුයම දකුණු ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගිය බවයි එම සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

ඊශ්‍රායලයේදී ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් ඊශ්‍රායල අමාත්‍යවරුන් සමඟ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

හමාස් සංවිධානය පසුගිය ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායලයට කළ ප්‍රහාරයෙන් මිනිසුන් 1,200ක් මියගිය අතර 240ක් ප්‍රාණ ඇපයට ගනු ලැබුවා. ඔවුන්ගෙන් පිරිසක් පසුගියදා පැවති කෙටි සටන් විරාමය අතරතුර නිදහස් කර තිබුණා.

හමාස් විසින් පාලනය කරනු ලබන ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ගාසා යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා 18,700කට වැඩි පිරිසක් මිය ගොස් 50,000ක් තුවාල ලබා ඇති බවයි.

පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ (UNRWA) ප්‍රධානියා මෑත කාලීන සංචාරයකින් පසු දකුණු ගාසා තීරයේ රෆා හි අතිශය දුෂ්කර තත්වයන් විස්තර කර තිබෙනවා.

Philippe Lazzarini පැහැදිලි කරන්නේ ගාසා තීරයේ වෙනත් ප්‍රදේශවලින් පලා ගිය මිලියනයකට අධික ජනතාවකට සත්කාර කිරීමට රෆා පාලනයට යටිතල පහසුකම් නොමැති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට වෙනත් ප්‍රදේශයකට යාමට බලපෑම් පවතින බවයි.

ජිනීවා හි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පවසන්නේ මෑත සතිවල දකුණේ ඊශ්‍රායල ප්‍රහාරය ආරම්භ වූ දා සිට තත්වය නරක අතට හැරීමත් සමඟ නගරයේ ජනගහනයෙන් හතර ගුණයකින් වැඩි වී ඇති බවයි.

නවාතැන්වලින් පිටත දස දහස් ගණනක් මිනිසුන් ජීවත් වන බව Lazzarini පවසනවා.

Philippe Lazzarini පවසන්නේ පිටත ප්‍රදේශවල විශාල පිරිසක් පිරී ඇති නිසා නවාතැන් සඳහා ආධාර ලබා ගැනීම ද වඩ වඩාත් දුෂ්කර වී ඇති බවයි.

1,200 දෙනෙකුට මරු කැඳවූ ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු මිලියන 1.9 කට ආසන්න ජනතාවක් එනම් ගාසා තීරයේ ජනගහනයෙන් 85% කට වඩා – අවතැන් වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06