හමාස් සංවිධානය රඳවාගෙන සිටින තවත් 14කට අද නිදහස

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 14 දෙනෙකු අද දිනයේ නිදහස් කෙරෙන බව ඊශ්‍රායල බලධාරීන් පවසනවා.

කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ඇති වූ ගිවිසුමේ කොටසක් ලෙස ඊශ්‍රායලය ද පලස්තීන සිරකරුවන් 42 දෙනෙකු නිදහස් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අද ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගැටුමේ දින හතරක සටන් විරාමයක දෙවන දිනයයි.

සිකුරාදා ප්‍රාණ ඇපකරුවන් 24 දෙනෙකු නිදහස් කරනු ලැබූ අතර ඔවුන්ට ඊශ්‍රායල ජාතිකයින් 13ක්, තායිලන්ත ජාතිකයින් 10ක් සහ එක් පිලිපීන ජාතිකයෙක් ඇතුළත් වුණා.

ගිවිසුමේ කොටසක් ලෙස පලස්තීන සිරකරුවන් 39 දෙනෙකු ඊශ්‍රායලය විසින් නිදහස් කරනු ලැබුවා.

යුද්ධය ආරම්භයෙන් පසු පැමිණි විශාලතම මානුෂීය රථ පෙළ සිකුරාදා ගාසා තීරයට ඇතුළු වූයේ ඉන්ධන, ආහාර සහ වෛද්‍ය සැපයුම් ද රැගෙනයි.

ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරයෙන් පුද්ගලයන් 1200ක් මිය ගිය අතර 240ක් පමණ ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා.

එතැන් පටන් ගාසා හි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රති ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 14,500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21