හමාස් ප්‍රාණ ඇපයේ සිටි වයෝවෘද්ධ කතුන් දෙදෙනෙකුට නිදහස – සැමියන් දෙදෙනා තවමත් ප්‍රාණ ඇපයේ

හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙක් මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

ඊජිප්තු සහ කටාර් මැදිහත්වීමේ ප්‍රයත්නයෙන් පසුව සිවිල් ප්‍රාණ ඇපකරුවන්ව සිටි නුරිට් කූපර් සහ යොචෙඩ් ලිෆ්ෂිට්ස් යන මෙම වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනා ඊයේ (සඳුදා) දිනයේ නිදහස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ, අනුව මෙම වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනා ජාත්‍යන්තර රතු කුරුස නියෝජිතයන් වෙත භාරදීමට හමාස් සංවිධානය කටයුතු කර තිබෙනවා.

මේ සමඟ හමාස් සංවිධානය විසි මුදාහරිනු ලැබූ ප්‍රාණ ඇපකරුවන්ගේ සංඛ්‍යාව 04ක් දක්වා ඉහළ යනවා.

අදාළ කාන්තාවන් දෙදෙනා මෙලෙස නිදහස්කර එවූව ද, ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් තවමත් හමාස් ත්‍රස්තයින් විසින් රඳවාගෙන සිටින බවයි ඊශ්‍රායලය තහවුරු කර ඇත්තේ.

මීට පෙර ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි ඇමරිකානු ජාතික කාන්තාවක් සහ ඇයගේ 17 හැවිරිදි දියණිය නිදහස් කිරීමට එම සංවිධානය පසුගිය දා කටයුතු කර තිබුණා.

පසුගිය ඔක්තෝබර් 07 වනදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 200කට අධික පිරිසක් රඳවාගෙන සිටින බවයි ඊශ්‍රායලය පවසන්නේ.

මේ අතර ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර වශයෙන් එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ ගාසා තීරයේ මිනිසුන් 5,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ගාසා තීරයේ ක්‍රියාත්මක සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අතර විදෙස් වාර්තා සඳහන් කරන්නේ ලෙබනනයේ සිට එල්ල කළ රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය, හිස්බුල්ලා සංවිධානයේ බල ප්‍රදේශයකට පහරදී ඇති බවයි.

ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ යටිතල පහසුකම් ඉලක්ක කර මෙම ප්‍රතිප්‍රහාරය එල්ල කර තිබෙනවා.

මේ අතර ගොඩබිම් ප්‍රහාරයකට අණ ලැබෙන තෙක් ගාසා සහ ලෙබනන් දේශසීමා ආසන්නයේ ඊශ්‍රායලය පාබල හමුදා තවමත් රැඳී සිටින බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14