හමාස්වලට හිතැති ගිණුම් 100 ගණනක් X වෙතින් මැකෙයි

පෙර ට්විටර් ලෙස හැඳින්වූ X ගිණුමෙන් හමාස් ත්‍රස්ත සංවිධානයට අනුබද්ධිත ගිණුම් 100කට අධික සංඛ්‍යාවක් ඉවත් කර ඇති බව X පවසනවා.

යුරෝපා සංගමය (EU) නිවේදනය කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් සහ පැතිරෙන සාවද්‍ය තොරතුරු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද අරඹා ඇති බවයි.

පලස්තීන සටන්කාමීන් විසින් පසුගියදා ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුවයි ඊට අදාළ ඡායාරූප සහ වීඩියෝ දර්ශන විශාල සංඛ්‍යාවක් ට්විටර් නමැති X සමාජ මාධ්‍ය වේදිකාව හරහා සංසරණය වූයේ.

මෙවන් අර්බුදකාරී තත්ත්වයක් තුළ X සමාගම නිවේදනය කළේ එම වාර්ගික අර්බුදයක් දනවන ආකාරයේ පෝස්ටු සහ ඡායාරූප දහස් ගණනක් ඉවත් කිරීමට පියවර ගත් බවයි.

යුරෝපීය කොමිසම සාවද්‍ය තොරතුරු සහ නීතිවිරෝධී අන්තර්ගතයන් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමකින් පසුව X පිළිබඳ ව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කළත් ඊශ්‍රායල-හමාස් යුද්ධයට සම්බන්ධ වේදිකාව එය බවට ද ඔවුන් පවසනවා.

කලින් ට්විටර් ලෙස හැඳින්වූ X වේදිකාවට, ගැටුම සම්බන්ධයෙන් නීතිවිරෝධී අන්තර්ගතයන් සහ වැරදි තොරතුරු සමාජගත කිරීම හරහා මෑතකදී පනවන ලද ඩිජිටල් සේවා පනත යටතේ දඬුවම්වලට මුහුණදීමට යුරෝපා සංගමය විසින් මෙම සතිය මුල දී පැය 24ක් ලබා දී ඇති බවයි.

“ත්‍රස්තවාදී සංවිධාන හෝ ප්‍රචණ්ඩ අන්තවාදී කණ්ඩායම් සඳහා X හි ඉඩක් නොමැති අතර එවැනි ගිණුම් ඉවත් කිරීම නියත වශයෙන් ම සිදු කරන බවත් X හි ප්‍රධාන විධායක නිලධාරී Yaccarino සටහනක් තබමින් කියා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15