හම්බන්තොට වරායෙන් සුබ ආරංචියක්

හම්බන්තොට වරාය විසින් ජනවාරි මස අග වනවිට ලංවා සංස්ථා සිමෙන්ති කෝපරේෂන් (පුද්) සමාගම සහ ඉන්සී සිමෙන්ති සමාගම් සඳහා සිමෙන්ති අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 265,163.34 ක පූර්ණ පරිමාවක් හසුරුවා තිබේ.

පසුගිය වසර අගභාගයේදී එම සමාගම් ද්විත්වය හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමඟ උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුම් අත්සන් කර ඇත.

ඒ අනුව ප්‍රථමයෙන් ලංවා සංස්ථා සිමෙන්ති සමාගම සඳහා ක්ලින්කර්, ජිප්සම් සහ ස්ලැග් යන අමුද්‍රව්‍ය රැගෙන ටැං බිං 245 (Tang Binh 245), යුනිටි (Unity) සහ ඩුබායි ක්‍රවුන් (Dubai Crown) යන නෞකා හම්බන්තොට වරාය වෙත පැමිණ තිබේ.

ලංවා සංස්ථා සිමෙන්ති සමාගම සඳහා භාණ්ඩ ගොඩබෑමේ දොඹකර දෙකක් ලබා දී ඇති අතර, වාහක පටියක්ද වරාය පරිශ්‍රය තුළ ඉදි වෙමින් පවතී. 

එමගින් මිරිජ්ජවිල ආයෝජන කලාපයේ පිහිටි ඔවුන්ගේ නිෂ්පාදන කම්හලට, අමුද්‍රව්‍ය තොග සෘජුවම සපයනු ඇත.

මේ සමබන්ධයෙන් අදහස් දැක්වූ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා.

“ප්‍රධාන සිමෙන්ති නිෂ්පාදකයින් දෙදෙනෙකු වන ඉන්සී සහ ලංවා සමාගම් දැන් HIP සමඟ කටයුතු කරනවා. බහුකාර්ය වරායක් ලෙස සංවර්ධනය වෙමින් අදාළ සේවා සපයන අතරම, යාබද ප්‍රදේශයන්හි ව්‍යාපාරයන්ට අතහිත දෙමින් ඒවායේ වර්ධනය තකා කටයුතු කිරීම අපගේ අරමුණයි. ලංවා කර්මාන්තශාලාව ආරම්භ වීමත් සමඟ හම්බන්තොට වරායේ තොග පරිමාව ඉහල නැංවීමට හැකි වනවා මෙන්ම, වරාය මෙහෙයුම් සහ සැපයුම් වැඩපිළිවෙළ හරහා ලංවා සංස්ථා සිමෙන්ති සමාගමටද සැලකිය යුතු වාසියක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු,”

ලංවා සංස්ථා සිමෙන්ති කෝපරේෂන් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තුසිත් ගුණවර්ණසූරිය මහතා පවසන්නේ, ශ්‍රී ලංකාවේ පළමු වරට නවීනතම යුරෝපීය තාක්‍ෂණය සහිතව ඉදි කරන තම කර්මාන්තශාලාවේ මෙහෙයුම් ළඟදීම ආරම්භ කරන බවය. 

වැඩිදුරටත් අදහස් දැක්වූ ලංවා සංස්ථා සිමෙන්ති කෝපරේෂන් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තුසිත් ගුණවර්ණසූරිය මහතා.

 “මේ වසරේ පළමු කාර්තුව තුළ අපගේ  නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමත් සමඟම වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන ලෙස නිෂ්පාදන කටයුතු ඉහල නැංවීම අපගේ බලාපොරොත්තුවයි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමඟ ඇති කරගත් සහයෝගීතාව පිළිබඳව ඉතා සතුටු වන අතර, වසර  මුලදී අපගේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය අමුද්‍රව්‍ය රැගෙන ආ නෞකා ඉතා පහසුවෙන් හසුරුවා ගැනීමට හැකි වුනා. වරාය කාර්ය මණ්ඩලයේ කාර්යක්ෂමතාවය සහ විශිෂ්ට සේවය අප බොහෝ සේ අගයනවා.” 

එමෙන්ම මෙම සබඳතාව තුළින් ඉදිකිරීම් කර්මාන්තයේ සිමෙන්ති සඳහා ඇති ඉහළ ඉල්ලුම සපුරාලීමට නිෂ්පාදකයින්ට හැකි වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනු ලබයි.

ක්‍රියාපිළිවෙත් සහ කාර්යක්ෂමතාව නිරතුරුව වැඩි දියුණු කරමින් ක්‍රියාකාරී බහුකාර්ය වරායක් බවට පත්වීමේ ඉලක්කයට සීග්‍රයෙන් ලඟා වෙමින් සිටින හම්බන්තොට වරාය කලාපය තුළ ඉහළම ප්‍රමිතියේ සේවා සපයමින් සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02