හම්බන්තොට තරුණ අයට ෆයිසර් ගහන්නේ සෞඛ්‍ය බලධාරින්ගේ තීන්දුවෙන්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ ප්‍රජාව වෙත එන්නත්කරණය සිදු කිරීම 02 දින ආරම්භ වූ බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

අතිගරු ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මගපෙන්වීම අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශ මත වයස අවුරුදු 30ට වැඩි ජනතාව වෙනුවෙන් සිදුකරගෙන යනු ලබන එන්නත්කරණ ක්‍රියාවලිය මේ වනවිට ඉතාමත් ම සාර්ථක අන්දමින් දිවයින පුරා ක්‍රියාත්මක වේ.

ඉදිරි කාලයේදී රට විවෘත කළ පසු ජන ජීවිතය සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යාම හා ජාතික ආර්ථිකයට ශක්තියක් වන තරුණ ප්‍රජාව එන්නත්කරණය කිරීමේ අවශ්‍යතාව මූලික කර අතිගරු ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මගපෙන්වීම අනුව සෞඛ්‍ය විශේෂඥයන්ගේ නිර්දේශ මත මෙරට වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ ප්‍රජාව එන්තත්කරණය කිරීම සදහා අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව,  සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මගපෙන්වීම අනුව සෞඛ්‍ය අංශ, කොවිඩ් කාර්ය සාධන බලකාය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එක්ව ඉදිරි සති කිහිපය ඇතුළත දිවයින පුරා විසිරී සිටින වයස අවු. 20ත් 30ත් අතර තරුණ ප්‍රජාව වෙත එන්නත්කරණය සිදුකෙරේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ යෞවන සමාජ හා සම්මේලන මධ්‍යස්ථාන 03 ක් කේන්ද්‍රකරගනිමින් ආරම්භ  වූ එන්නත්කරණ මධ්‍යස්ථාන නිරීක්ෂණය සඳහා අමාත්‍යවරයා එක්විය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.

‘විශේෂයෙන් ම අතිගරු ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමාත් සෞඛ්‍ය අමාත්‍යතුමාත්, කොව්ඩ් කමිටුවත් මේ රටේ අවුරුදු 20ත් 30ත් අතර තරුණ පිරිසට එන්නත්කරණය කළ යුතුයි යන තීන්දුව අරගෙන ඉදිරි සති කිහිපය ඇතුළත දිවයින පුරා ම එය ක්‍රියාත්මක වන පරිදි එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා.

ඒ අනුව, අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය, අම්බලන්තොට, රන්න යන මධ්‍යස්ථාන 03හි එම එන්නත්කරණ කටයුතු ක්‍රියාත්මක වෙනවා.

මේ පිළිබඳ තරුණයන් තුළ විශාල උද්යෝගයක් තිබෙන බව අපි දකිනවා.

ග්‍රාමීය කමිටු, යෞවන කමිටු, යෞවන සමාජ ව්‍යාපාර හා තරුණ සේවා සභාව  හරහා තරුණ තරුණියන් දැනුම්වත් කළා.

හැම දිස්ත්‍රික්කයක ම මේ රටේ එන්නත් කළ යුතු සියලුදෙනා ම එන්නත්කරණය කිරීම අතිගරු ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව යි.

ඒ ඒ ග්‍රාමීය කමිටු, යෞවන සමාජය ඔබව දැනුම්වත් කරන වෙලාවට පැමිණ වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි එන්නත් ලබාගැනීමයි ඔබ කළ යුත්තේ.

අපි හිතනවා ඉතාමත් කඩිනමින් මේ පැමිණ සිටින පිරිසට එන්නත්කරණය සිදුකර අවසන් කර ඉදිරියේදී ලංකාව පුරාම වයස අවුරුදු 20ත් 30ත් අතර පිරිසට කඩිනමින් එන්නත්කරණය සිදු කර අවසන් කළ හැකිවෙයි කියලා.

ලබාදෙන එන්නත පිළිබදව තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය බලධාරින්. අපිට තිබෙන වගකීම තමයි එම එන්නත් ලබාදෙන ප්‍රදේශය සෞඛ්‍ය අංශ විසින් නියම කළ පසු එන්නත ලබාගැනීමට ඒ ඒ ප්‍රදේශවල වයස අවු 20ත් 30ත් අතර පිරිස දැනුම්වත් කිරීම කියන කාරණය.

ලබාදෙන එන්නත හා එන්තත් ලබාදෙනු ලබන ප්‍රදේශ තීරණය කරනු ලබන්නේ කොවිඩ් කමිටුව විසින්. එම එන්නත් ලබාදෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂතුමාගේ උපදෙස් පරිදි.

අපිට තිබෙන්නේ ඒ සඳහා ජනතාව මෙහෙයවීම හා එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත ජනතාව එක්රැස් කර එන්නත්කරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරිම සිදු කිරීමටයි.

අද මේ රටේ එන්නත් ලබාදිය යුතු සියලුදෙනාට ම අවශ්‍ය වන එන්නත් ප්‍රමාණය අතිගරු ජනාධිපතිතුමා පෞද්ගලිකව ම මැදිහත්වෙලා ගෙනවිත් තිබෙනවා.

එම නිසා නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එන්නත් මධ්‍යස්ථාන වෙත පැමිණ එන්නත් ලබාගන්න යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ගෝලීය වශයෙන් පවතින වසංගත තත්ත්වය හමුවේ ජනතාවට අවශ්‍ය එන්නත් ලබාදීම වෙනුවෙන් කැප වී කටයුතු කරන අතිගරු ජනාධිපතිතුමන්ට, අග්‍රාමාත්‍යතුමන්ට සහ සෞඛ්‍ය අමාත්‍යතුමන්ටත් ස්තූතිය පුද කර සිටිමු.

නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් දැනුම්වත් කරන එන්නත් මධ්‍යස්ථානවලට පැමිණ එන්නත් ලබාගන්නා ලෙස දිවයින පුරා සිටින වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ ප්‍රජාවට ආරාධනා කර සිටිමු.

– මාධ්‍ය ඒකකය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09