හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට

හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මරදාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (17) දිනයේ හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 52ක පුද්ගලයෙක්.

නීතිවිරෝධී ලෙස මෙරට ගෙන් වූ අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි සිද්ධියට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස නීතිවිරෝධීව ගෙන්වා තිබූ අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි 21ක් හම්බන්තොට කුරුළු උද්‍යානයේ ගබඩාවක් තුළ තිබී පොලිසිය විසින් පසුගිය සතියේ සොයා ගත්තා.

එම අවස්ථාවේ අදාළ උද්‍යානයේ කළමණාකරුවෙක් සහ ගබඩා භාරකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

  1. ඉස්සර තමයි මාගම්පුරයෙන් රට බේරගන්න වීරයො බිහිවුනේ..ඒකට දැන්…දැන් මාගම්පුරයෙන් බිහිවෙන්නෙ රට සූරා කන හොරුයි පාතාලයොයි.