හබරණ මව සහ පුතුගේ මරණයට සැබෑ හේතුව හෙලිවෙයි

විදුලි කාන්දුවක් හේතුවෙන් මියගිය බවට පැවසුණු පොළොන්නරුව – හබරණ – කිතුල්උතුව ප්‍රදේශයේ මව සහ පුතු වෙඩි තබා ඝාතනය කර ඇති බවට හෙළ වී තිබෙනවා.

එම වෙඩි තැබීම සිදුකළ 24 හැවිරිදි තරුණයා අද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

පසුගිය 20 වනදා අලුයම 45 හැවිරිදි මව සහ 13 හැවිරිදි ඇගේ දරුවා පැල් රකිමින් සිටියදී එය ගිනිගෙන තිබූ අතර, විදුලි රැහැනකින් සිදුවූ විදුලි කාන්දුවකින් එය සිදුව තිබූ බව එදින ප්‍රකාශ වුණා. කෙසේ වෙතත්, මව සහ පුතා සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබුණේ මියයෑමට හේතුව වෙඩි තැබීමක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්