අක්කර දෙසීයක් පමණ වී වගාව, හඳුනා නොගත් රෝගයකින් සම්පූර්ණයෙන්ම විනාශවීමේ අවදානමට ලක්ව ඇති බව අනුරාධපුර, මහබුලංකුලම ප්‍රදේශයෙන් වාර්තාවනවා.
පූදින මට්ටමට පැමිණෙන තෙක් ගොයම් ගස ඉතා හොඳ තත්ත්වයේ පැවති අතර පසුව ගොයම් ගස සුදු වර්ණයට පත්වෙමින් වී කරල් බොල් වීමේ තත්ත්වයකට පත්වී ඇති බවයි ගොවීන් පවසන්නේ.
කීඩෑ හා පුරුක් පනු රෝගය හෝ දිලීර රෝගයක් යැයි සිතා විවිධ කෘමිනාශක වර්ග යෙදුවද ඉන් කිසිදු පලක් නොවූ බව ගොවින් වැඩිදුරටත් පවසනවා.
මෙම හඳුනානොගත් රෝගය හේතුවෙන් අක්කරයකට වී බුසල් විසි පහක්වත් ලබාගැනීමට නොහැකිි තත්ත්වයක් උදා වී ඇති බැවින් ගොවියා වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ලබාදෙන ලෙස එම ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා.














Viyali kalaape ali athun mareeme saapaye karma vipaka…