හඳුනා නොගත් දෙදෙනෙක් අනතුරුවලින් මියයයි

දුම්රියේ ගැටීමෙන් සහ රිය අනතුරකින් මියගිය දෙදෙනෙකුගේ අනන්‍යතාව අනාවරණ කර ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ උදෑසන ගාල්ල රිච්මන්ඩ්කන්ද දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියේ ගැටී මියගොස් ඇත්තේ අවුරුදු 55ත් 60ත් අතර වයසක පසුවන පුද්ගලයෙක්.

මාතර සිට මරදාන බලා ධාවනය වූ දුම්රියේ ගැටී මියගොස් ඇති මෙම පුද්ගලයාගේ සිරුර කරාපිටිය රෝහලට යොමුකර තිබෙනවා.

උස අඩි 5යි අගල් 4ක් පමණ උසැති ඔහු නිල් පැහැති කොටු සහිත අත් කොට කමිසයක් සහ ලා නිල් පැහැති කොටු සහිත සරමක් හැඳ සිට තිබෙනවා.

සාමාන්‍ය තලෙලු සිරුරක් ඇති ඔහුගේ අනන්‍යතාව හඳුනා ගැනීම සඳහා ගාල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර කොළොන්නාව නගරයේදී දෙමටගොඩ සිට වැල්ලම්පිටිය දෙසට ධාවනය වූ බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ උදෑසන සිදු වූ එම අනතුරින් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහුගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මළ සිරුර කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර වැල්ලම්පිටිය පොලිසියයි විමර්ශණ සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42