හඳුනා නොගත් උණ රෝගයෙන් මාතර රැඳවියන් 16ක් රෝහලේ – මුල්ම අටේ පරීක්ෂණ වාර්තා හෙට (වීඩියෝ)

උණ රෝග ලක්ෂණ පෙන්නුම් කළ නව රෝගීන් කිසිවෙක් අද (24) දිනයේ දී මේ දක්වා මාතර බන්ධනාගාරයෙන් වාර්තා නොවූ බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ පවසනවා.

මේ අතර මාතර බන්ධනාගාරයෙන් වාර්තා වූ එම රෝග ලක්ෂණය පෙනුම් කළ රෝගීන් දෙදෙනෙක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, සාමාන්‍ය වාට්ටුවල රෝගීන් 14 දෙනෙක් ප්‍රතිකාර ලබන බවයි වෛද්‍ය හේමන්ත රණසිංහ සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මුලින්ම වාර්තා වූ රෝගීන් අටදෙනාගේ සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණාගාරය වෙත යොමුකර ඇති බවයි.

ඒවායේ පරීක්ෂණ වාර්තා හෙට (25) දිනයේ ලැබෙනු ඇති බවයි ඔහු පැවසුවේ.

ඒ, අනුව මෙම රෝගී තත්ත්වය සායනිකව හා රසායනිකව තහහවුරු කර ගැනීමට හෙට (25) දිනය තුළ හැකියාව ලැබෙනවා.

එමෙන්ම මේ වනවිටත් මෙම රෝගී තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය එන්නත් සහ ඖෂධ මාතර බන්ධනාගාරයේ අනෙකුත් රැඳවියන්ට ලබා දී ඇති බවත් වෛද්‍ය හේමන්ත රණසිංහ සඳහන් කළා.

මෙම තත්ත්වය සමඟ මාතර බන්ධනාගාරයේ දන්දවියන් බැලීමේ අවස්ථාව අමුත්තන්නට හිමි නොවන බවත් ඔහු පවසා සිටියා.

මාතර බන්ධනාගාරයෙන් වාර්තා වූ රෝගීන්ට වැළඳී ඇත්තේ මොළයේ උණ රෝගී තත්ත්වය බවට සැකකෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12