හඳුනා නොගත් උණ රෝගයෙන් මාතර රැඳවියන් 16ක් රෝහලේ – මුල්ම අටේ පරීක්ෂණ වාර්තා හෙට (වීඩියෝ)

උණ රෝග ලක්ෂණ පෙන්නුම් කළ නව රෝගීන් කිසිවෙක් අද (24) දිනයේ දී මේ දක්වා මාතර බන්ධනාගාරයෙන් වාර්තා නොවූ බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ පවසනවා.

මේ අතර මාතර බන්ධනාගාරයෙන් වාර්තා වූ එම රෝග ලක්ෂණය පෙනුම් කළ රෝගීන් දෙදෙනෙක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, සාමාන්‍ය වාට්ටුවල රෝගීන් 14 දෙනෙක් ප්‍රතිකාර ලබන බවයි වෛද්‍ය හේමන්ත රණසිංහ සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මුලින්ම වාර්තා වූ රෝගීන් අටදෙනාගේ සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණාගාරය වෙත යොමුකර ඇති බවයි.

ඒවායේ පරීක්ෂණ වාර්තා හෙට (25) දිනයේ ලැබෙනු ඇති බවයි ඔහු පැවසුවේ.

ඒ, අනුව මෙම රෝගී තත්ත්වය සායනිකව හා රසායනිකව තහහවුරු කර ගැනීමට හෙට (25) දිනය තුළ හැකියාව ලැබෙනවා.

එමෙන්ම මේ වනවිටත් මෙම රෝගී තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය එන්නත් සහ ඖෂධ මාතර බන්ධනාගාරයේ අනෙකුත් රැඳවියන්ට ලබා දී ඇති බවත් වෛද්‍ය හේමන්ත රණසිංහ සඳහන් කළා.

මෙම තත්ත්වය සමඟ මාතර බන්ධනාගාරයේ දන්දවියන් බැලීමේ අවස්ථාව අමුත්තන්නට හිමි නොවන බවත් ඔහු පවසා සිටියා.

මාතර බන්ධනාගාරයෙන් වාර්තා වූ රෝගීන්ට වැළඳී ඇත්තේ මොළයේ උණ රෝගී තත්ත්වය බවට සැකකෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14