හන්තානට ගිය සරසවි සිසු සිසුවියන් 42කට බඹර ප්‍රහාරයක්

හන්තාන කන්ද තරණය කිරීමට පැමිණි සරසවි සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඊයේ (01) දහවල් ඔවුන් මෙලෙස හන්නාත වෙත යමින් සිටියදී බඹර කූඩුවක් ඇවිස්සී සිසු සිසුවියන්ට දෂ්ඨ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව මහනුවර පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

එහිදී හෙළිවී ඇත්තේ බඹර දෂ්ඨණය හේතුවෙන් සිසුවියන් 15ක් සහ සිසුන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

පොලිසිය යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සුවසැරිය ගිලන් රථ මගින් තුවාලකරුවන් මහනුවර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මීපේ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් 276ක් සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් 64 දෙනෙකු ඊයේ මෙලෙස හන්තාන තරණයට පැමිණ තිබෙනවා.

එහිදීයි ඉන් පිරිසක් මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

තුවාලකරුවන් හැර අනෙක් සිසු සිසුවියන් ඔවුන් පැමිණි බස් රථවලින් පිටත්කර යවා ඇති අතර සිද්ධිය පිළිබඳ මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
8
+1
2
+1
24
+1
8
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51