හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගයක් නිසා දුම්රිය ධාවනයට බාධා

දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් ආරම්භ කළ හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා මතුවී තිබෙනවා.

වර්ජනයත් සමග මරදාන දුම්රිය ස්ථානයේ මගීන් කලහකාරීව හැසිරීම හේතුවෙන් එය පාලනයට පොලිසිය ද කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් සියලුම මාර්ගවල ධාවනය වන දුම්රියන්වල ප්‍රමාදයන් පවතින බව සඳහන්.