හදිසි විදුලි බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

දිවයින පුරා ඊයේ සිදු වූ හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මෙම හදිසි විදුලිය බිඳවැටීමට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විධිමත් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.

දිවයින පුරා බිඳ වැටුණු විදුලි සැපයුම අදියර කිහිපයක් යටතේ ඊයේ (09) රාත්‍රියේ යථා තත්ත්වයට පත් කළ බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා.

පැය 05ක පමණ කාලයක් තුළ විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා කියාසිටියේ.

කොත්මලේ සිට බියගම දක්වා දිවෙන රැහැන් පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් ඊයේ පස්වරුවේ හදිසියේ විදුලිය බිඳ වැටීමක් සිදුවුණා.

මෙම හදිසි විදුලිය බිඳවැටීමට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විධිමත් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා.

මේ අතර, දිවයින පුරා විදුලිය බිඳ වැටීම හේතුවෙන් සිදු වූ අපහසුතාව පිළිබඳ ලංකා විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයන්ට කණගාටුව ප්‍රකාශ කරනවා.

එම අසීරු අවස්ථාවේ පාරිභෝගිකයින් මනා සංයමයෙන් සහ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම නිසා සිය කාර්යය මණ්ඩලයට විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළා.

මේ අතර ඊයේ දිනයේදී සිදුවූ විදුලි බිඳවැටීම විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති හිතා මතා සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සැකයක් ඇති බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ කැඳවුම්කරු නිරුක්ෂ කුමාර මහතා පවසනවා.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිහුවා ගත කිරීමේ පනත ඉදිරිපත් කළ දිනයේදීම විදුලි බිඳ වැටීම සිදුවීම පුදුම සහගත බවයි.

එමෙන්ම මෙතරම් විදුලි ඉංජිනේරුවන් සිටියදී ත් මෙවැනි විදුලි බිඳ වැටීමක් සිදුවන්නේ කෙසේ ද කියා ප්‍රශ්නයක් ඇති බවයි ඔහු පෙන්වාදෙන්නේ .

මේ හේතුවෙන් කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවට පත් වූ අතර සිදුවූ අලාභය ගණනය කළ නොහැකි බව ද ඔහු ප්‍රකාශ කළා.

ඒ වෙනුවෙන් රජය සහ මෙම වෘත්තිය සමිති වගකිවයුතු බව පෙන්වා දෙමින් ඔහු කියාසිටියේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර සිදුවූ හානිය සම්බන්ධයෙන් හානි පූර්ණයක් කරන ලෙසට ද ඉල්ලා සිටින බවයි.

මේ අතර ඊයේ දිනයේදී සිදු වූ විදුලි බිඳ වැටීම විදුලිය වෘත්තීය සමිති සිදු කළ ක්‍රියාවක් නොවන බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ සමස්ත දිවයින පුරා සිදු වූ මෙම හදිසි විදුලි බිඳවැටීම ස්වභාවික බිඳවැටීමක් බවයි.

පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට විදුලි සේවකයන් දැඩි කැපවීමකින් කටයුතු කළ අතර ඔවුන් එලෙස කැප නොවූයේ නම් අද පෙරවරු 6 දක්වා අඳුරේ සිටීමට මහජනතාවට සිදුවන බවයි කොළඹදී අද මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ.

එමෙන්ම එය යථා තත්ත්වයට පත් කිරීමට විදුලි සේවකයන් කටයුතු කළත් අමාත්‍යවරයා ලකුණු දාගැනීමට යන බව පෙනෙන බව ද රංජන් ජයලාල් සඳහන් කළා.

එමෙන්ම මෙම බිඳවැටීම සම්බන්ධයෙන් කර්මාන්තකරුවන්ට හා සාමාන්‍ය ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවූ අතර ඒ වෙනුවෙන් රජය විදුලි බිලෙන් 25ක සහනයක් ජනතාවට ලබා දිය යුතු බවයි ඔහු කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39