හදිසි නීතිය සහ ඇඳිරි නීතිය ගැන රජයෙන් නිවේදනයක්

හදිසි අවස්ථා නීතිය හා ඇඳිරිනීතිය පනවනු ලැබූයේ සාමය, ජනජීවිතය හා මහජන සහ පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ එකම අරමුණ ඇතිව බව රජය ප්‍රකාශ කරයි. 

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස හා සාමකාමී ලෙස විරෝධය පෑමේ අයිතිය මෙන්ම මහජන සාමය හා රාජ්‍ය, පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමට ද රජය බැඳී සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

– උපුටාගැනීම – 

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස, සාමකාමී ලෙස රැස්වීමේ හා විරෝධය පෑමේ අයිතිය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කොට ප්‍රවර්ධනය කිරීම රජය ප්‍රතිඥා දී පිළිගෙන ඇති ප්‍රතිපත්තියකි. පසු ගිය වසර දෙකට වැඩි කාලය තුළ ඒ බව ප්‍රායෝගිකව සනාථ කර ඇත.

වත්මන් ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් පසු කිසිදු සාමකාමී උද්ඝෝෂණයකට හෝ විරෝධතා පෙළපාලියකට හෝ බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේ නැත. 

ඇතැම් අවස්ථාවක විරෝධතාකරුවන්ගේ නියෝජිතයන් ජනාධිපති කාර්යාලයට කැඳවා ප්‍රශ්න සාකච්ඡා කොට විසඳුම් දෙනු ලැබීය. විරෝධතා හා උද්ඝෝෂණ සඳහා ජනාධිපති කාර්යාලය සමීපයේ වෙනම භූමි භාගයක් පවා වෙන් කෙරිණ.

පසුගිය මාර්තු 31 බ්‍රහස්පතින්දා මිරිහාන ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවේදී ඇතැම් පිරිස් කලහකාරී ලෙස හැසිරෙමින් මහජන හා පෞද්ගලික දේපලවලට අලාභහානි කළහ. ඇතැමෙකුට තුවාල සිදුවිය. දේපල හානිය රුපියල් මිලියන 39 කි. පිළිගත් නෛතික ප්‍රතිපාදන ප්‍රකාර හදිසි නීතිය හා ඇඳිරි නීතිය පනවනු ලැබූයේ ජනජීවිතය, මහජන සාමය සහ මහජන හා පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිවය.

– උපුටා ගැනීම අවසන් – 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09