හදිසි ඖෂධ මිලදී ගැනීම් අත්හිටුවීමේ නියෝගයක් ඉල්ලා අගවිනිසුරු වෙත ලිඛිත ඉල්ලීමක්

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන හදිසි ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විසින් අගවිනිසුරුවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, අනුව මෙම ඉල්ලීම ඇතුළත් ලිපියක් වෛද්‍ය චමල් සංජීව විසින් අද (19) පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය වෙත ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත භාර දෙනු ලැබුවා.

අගවිනිසුරුවරයා වෙත යොමු කර ඇති එම ලිපිය මඟින් එම සංවිධානය කියා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මෑතක සිට හදිසි මිලදීගැනීම් බව සඳහන් කරමින් විශාල වශයෙන් ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවයි.

මෙම හදිසි මිලදී ගැනීම්වල දී ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව බරපතළ ගැටලු මතු වී තිබෙන බවත් ඒවා මිලදී ගැනීමේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමක් සිදුනොවන බවත් එම සංවිධානය චෝදනා කර සිටියා.

මේ හේතුවෙන් මහජන මුදල් විශාල වශයෙන් අවභාවිතාව ලක් කෙරෙන බවත් ප්‍රමිතියෙන් තොර ඖෂධ පරිහරණය කිරීම තුළින් රෝගීන්ගේ මරණ මෙන්ම සංකූලතාවයන් වාර්තා වී ඇති බවත් එම සංවිධානය පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වන වගන්තිය යටතේ මහජන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බවත් ඒ අනුව මෙම ඉල්ලීම පදනම් කරගෙන නඩු කටයුත්තක් ආරම්භ කොට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිදුකරනු ලබන හදිසි ඖෂධ මිලදී ගැනීම් කටයුතු අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම සංවිධානය විසින් අගවිනිසුරුවරයා වෙත භාරදුන් ලිඛිත ඉල්ලීමේ අයැද තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39