හදිසි ආපදා තත්ත්වය ගැන මහජනයා කැළඹෙන බොරු පැතිරුවොත් නීතිය තදවෙයි

පවතින හදිසි අයහපත් තත්ත්වය හේතුවෙන් ගරු ජනාධිපතිතුමා විසින් 2025.11.29 දිනැති අංක 2464/32 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට්‌ පත්‍රය මඟින් 2025 අංක 01 දරණ හදිසි අවස්ථා (විශේෂ විධිවිධාන හා බලතල) නියෝග ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි සුවිශේෂී කරුණක් ලෙස මහජනයා බිය ගැන්විය හැකි හෝ කැළඹිය හැකි ආකාරයේ අසත්‍ය තොරතුරු සමාජගත වීම වැළැක්වීමට මෙම අතිවිශේෂ ගැසට්‌ පත්‍රය මඟින් ප්‍රතිපාදන සලසා දී තිබෙනවා.

ඒ අනුව හදිසි ආපදා තත්ත්වය පිළිබඳ මහජනයා බියගැන්විය හැකි හෝ කැළඹිය හැකි ආකාරයේ කිසිදු කටකතාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් කට වචනයෙන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ස්වංක්‍රීය පද්ධතිය හෝ කෘත්‍රිම බුද්ධිය ඇතුළු ස්වංක්‍රීය පද්ධතියන්ගෙන් යම් ලිඛිත, විද්‍යුත්, ඩිජිටල් හෝ වෙනත් යම් ආකාරයක මාධ්‍යයක් හරහා සන්නිවේදනය කිරීම, පල කිරීම, නිර්මාණය කිරීම හෝ පැතිරවීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව පොලිසිය දැනුම් දෙනවා.

ඉහත වැරදි සම්බන්ධව විමර්ශනය කිරීමට පොලිස් නිලධාරියෙකුට හෝ ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකුට මෙම ගැසට්‌ පත්‍රය මඟින් බලය ලබාදී ඇති අතර, ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු මෙම වැරදි සඳහා යම් අත්අඩංගුවට ගැනීමක් සිදු කළහොත් සැකකරුවන් පැය විසි හතරක් ඇතුළත පොලිස් ස්ථානයකට භාර දිය යුතු වනවා.

පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගැනීමක් සිදු කළහොත් කොට්ඨාසයේ පොලිස් අධිකාරිවරයා වෙත වාර්තා කළ යුතු අතර, ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු විසින් අත්අඩංගුවට ගැනීමක් සිදු කළහොත් ප්‍රදේශයේ අණදෙන නිලධාරිවරයා වෙත ඒ පිළිබඳව වාර්තා කළ යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27