හදිසියේ ජනාධිපති ගෝඨාභය රත්මලාන දුම්රිය අංගනයට

රත්මලාන දුම්රිය මැදිරි අංගන පරිශ්‍රයේ වැඩ කටයුතු සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට ටික වේලාවකට (24) පෙර එහි හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වී තිබෙනවා.

ඒ මේ දින දිනවල මතුවී ඇති ඉන්දීය දුම්රිය එන්ජින් සහ දුම්රිය මැදිරි සම්බන්ධ කතාබහක් කරලියට පැමිණීමත් සමගයි.

රත්මලාන දුම්රිය මැදිරි අංගන පරිශ්‍රයේ ඉන්දියාවෙන් ගෙන එන ලද දුම්රිය මැදිරි අඩුපාඩු සකස් කරමින් නවීකරණය කරනු ලබන අතර ඒ සම්බන්ධ වාර්තා පසුගිය දින කිහිපය පුරා ජනමාධ්‍ය හරහා එළි දැක්වුණා.

මෙම දුම්රිය මැදිරි සහ දුම්රිය එන්ජින් සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතා බහක් නිර්මාණය වූ අතර එහිදී එල්ල කෙරුණු ප්‍රමුඛ චෝදනාව වූයේ එම දුම්රිය මැදිරි සහ දුම්රිය එන්ජින් මෙරට මාර්ග පද්ධතියට නිසි ලෙස ගැලපෙන ඒවා නොවන බවයි.

කෙසේ වෙතත් වරින් වර මතු වූ මෙම චෝදනා හමුවේ එම දුම්රිය මැදිරි වල සුළු වෙනස්කම් කිහිපයක් සිදු කර ඒවා භාවිතය සඳහා යොදා යොදා ගැනීමට හැකි බවයි දුම්රිය බලධාරීන් පවසා සිටියේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දුම්රිය මැදිරි නවීකරණය වන රත්මලාන දුම්රිය අංගනයේ හදිසි චාරිකාවක නිරත වන්නේ එවන් පසුබිමක් යටතේ යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39