හදිසියේ අසනීප වූ පොලිස් නිලධාරීන් 8 දෙනාට කොවිඩ්

තිස්සමහාරාම පොලීසියේ තවත් නිලධාරින් 8 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

එම පොලීසියේ දුරකථන ක්‍රියාකරුවා ලෙස කටයුතු කළ නිලධාරියා මීට දින 3කට පෙර ආසාදිතයෙකු ලෙස හඳුනා ගැණුනි. 

ඔහුගේ ආශ්‍රිතයින් වු එම නිලධාරින් අඛණ්ඩව රාජකාරියේ නිරතව සිට ඇති අතර හදිසි අසනීප තත්ත්වයක් මත රෝහල්ගත කිරීමෙන් පසු එම නිලධාරින් 8 දෙනා කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණි.