හදිස්සියේ ගොඩ බැස්වූ ගුවන් යානා ගැන වාර්ථාව දින දෙකකින්…

දේශීය ගුවන් සමාගමක අභ්‍යන්තර ගුවන් ගමන් දෙකකදී සිදුවූ හදිසි ගොඩබැස්වීම් සම්බන්ධ වාර්තාව ඉදිරි දින 02 තුළදි නිකුත් කෙරෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතා සඳහන් කලේ මේ වනවිටත් අදාළ විමර්ශනය පැවැත්වෙන බවයි.

සතියක් තුළ වාර්තා වූ මෙම සිදුවීම් 02 ත් සමග රට තුළ දැනට භාවිතයේ ඇති සියලුම සැහැල්ලු ගුවන් යානාවල තත්වය පරීක්ෂා කිරීමට පියවර ගත් බවද ඔහු සඳහන් කලා.

දේශීය ගුවන් සමාගමකට අයත් සැහැල්ලු ගුවන් යානයක් පයාගල වෙරළ තීරයට හදිසියේ ගොඩබස්වනු ලැබුවේ පසුගිය 22 වනදා පස්වරුවේයි.

එහි ගමන් කල පුහුණු උපදේශක සහ නියමුවාට හානියක් සිදුවී තිබුණේ නැහැ.

කෙසේවෙතත් පෙරේදා දිනයේදී කටාන කිඹුලාපිටිය ප්‍රදේශයේ වෙල් යායකට අදාළ සමාගමටම අයත් සෙස්නා 172 වර්ගයේ ගුවන් යානයක් හදිසියේ ගොඩ බැස්වීමෙන් නියමුවන් දෙදෙනා සහ යානයේ ගමන්ගත් ලෙබනන් ජාතික යුවළක් සුලු තුවාල ලැබුවා.

මෙම සිදුවීමත් සමග අදාළ දේශීය ගුවන් සමාගමේ සියලු මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමටයි සිවිල් ගුවන් සේවා අධිකාරිය නියම කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40