හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායම ගැන අහසට උසට බැඳි බලාපොරොත්තුවකින්

අනිද්දා (19) චෙන්නායි හි දී ආරම්භ වන ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී සිය කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් වඩාත් කැපී පෙනෙන දක්ෂතාවක් තමා බලාපොරොත්තු වන බව බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා.

පසුගියදා පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් ලැබූ බංග්ලාදේශ කණ්ඩායම තම වෘත්තීය පුහුණු ජීවිතයේ මෙතෙක් හමු වූ විශිෂ්ටතම කණ්ඩායම බවටයි හතුරුසිංහ මහතා පෙන්වාදෙන්නේ.

ඉන්දියාවට එරෙහිව අනිද්දා ඇරඹෙන තරග 02කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දී ශකීබ් අල් හසන්, මෙහිඩි සහ මුෂ්ෆිකර් රහීම් තවදුරටත් ඔවුන්ගේ කැපී පෙනෙන දක්ෂතා අතරට පිවිසෙනු ඇතැයි බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු බලාපොරොත්තු වනවා.

සිය මව්බිමෙන් පිටත පැවැත්වෙන මෙම තරගාවලියේ ඉතිහාසය දෙස බැලීමේ දී බංග්ලාදේශය ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරග 67න් 08ක් පමණක් ජයග්‍රහණය කර තිබුණ ද, 2021 වසරේ සිට බංග්ලාදේශ කණ්ඩායමේ තරග ජයග්‍රහණවල කැපී පෙනෙන වර්ධනයක් නිරීක්ෂණය වීම බලාපොරොත්තුසහගත බවක් ඇති කිරීමට සමත් වූවක් බව ද හෙතෙම මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වැඩිදුරටත් පැවසුවේ මෙවැන්නක්..;

“පකිස්ථානයට එරෙහිව ලැබූ ජයග්‍රහණය නිසැකවම මෙම තරගාවලියේ දී අපට විශාල විශ්වාසයක් ලබා දෙයි..” යනුවෙන්.

බංග්ලාදේශ නායකත්වය නජිමුල් හුසේන් ෂැන්ටෝ විසින් දරනු ලබන අතර ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මා විසින් දරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
20
+1
2
+1
2
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ දැඩි තීන්දුවක් ගනී - මුදල් ලේකම්ව පාර්ලිමේන්තුවට කැඳවනවා
13:35
Video thumbnail
ජනාධිපතිතුමා වංචනිකයින්ට ගසාකන්න ඉඩ දීලා
12:12
Video thumbnail
L බෝඩ් කණ්ඩායමට රට දෙන්න එපා කියලා රනිල් එදාම කිව්වනේ
10:38
Video thumbnail
මුජිබුර්ගෙන් ආණ්ඩුවට යෝජනාවක් - මුදල් අමාත්‍යංශයේ ලේකම්ව අයින් කරන්න
05:29
Video thumbnail
මහා මංකොල්ලයට ජනාධිපති සෘජුව වගකිව යුතුයි
06:42
Video thumbnail
රු 1000කට අපි නැමෙන්නේ නෑ - අවංකව රාජකාරි කරන්නේ හරිද
02:39
Video thumbnail
අපිට චෝදනා කරන්න විපක්ෂයට මොකුත් නෑ
07:40
Video thumbnail
කථානායකකම පැත්තක තියලා දොස්තරකම අතට ගත්ත තුන්වැනි පුරවැසියා
01:39
Video thumbnail
ගෙයක් කොල්ලකාලා බඩු ටික බිරිඳටයි අනියම් බිරිඳටයි බෙදලා දීපු හිටපු ප්‍රා.සභා මන්ත්‍රීවරයා
01:26
Video thumbnail
බස් රථ තුනක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්
01:02