හත්කෝටි පනස් ලක්ෂයක් වටිනා කුෂ් සමග සිව්දෙනෙකු අත්අඩංගුවට

රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සඳහා වන රක්ත මාවත (Red Channel) ඔස්සේ පිටකර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව්දෙනෙකු ඊයේ (21) දින පස්වරුවේ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ, අත් අඩංගුවට ගැනුණු එක් සැකකාරිණිය කොළඹ – 02 ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් බවයි.

රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය ද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම කල්ලියේ අනෙකුත් සාමාජිකයන් තිදෙනා හඳුනාගෙන අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් අතර කොළඹ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සැමියා සමග සිටි 42 හැවිරිදි බිරිඳ මෙන් ම, කොළඹ – 15 ප්‍රදේශයේ පදිංච් ව්‍යාපාරිකයෙකු ද අත්අඩංගුවට ගැනුණු බවත් වාර්තා වනවා.

මොවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිල දී ගෙන, ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත පැමිණ, එතැන් සිට ඊයේ පස්වරු 08.51 ට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ – 1183 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

තායිලන්තයේ මේ වනවිට මෙම මත්ද්‍රව්‍ය විවෘත වෙළෙඳපොළ තුළ පහසුවෙන් මිල දී ගත හැකි හෙයින්, එරට සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් දැඩි පරීක්ෂාවකට ලක් කරන අතර, එම අවදානමෙන් මිදීමට මොවුන් ඉන්දියාවේ බැංගලෝර් වෙත පැමිණ මෙරටට පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් විසින් ගෙන ආ ගමන් මළු තුළ, එහි ඇති සියලුම භාණ්ඩ ඉවත් කළ ද , පහසුවෙන් හඳුනාගත නොහැකි වන සේ, ඉතා සූක්ෂ්ම ලෙස සකස් කළ ව්‍යාජ පතුල් තුළ මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බවත් එහි කුෂ් කිලෝග්‍රෑම් 07කුත් ග්‍රෑම් 150ක් තිබී සොයා ගැනුණු බවත් පැවසෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස සමග මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14