ලක්ෂ හතලිකට අධික මත්ද්‍රව්‍ය සමඟ රත්මලානේ ව්‍යාපාරිකයෙක් මාට්ටු

රුපියල් හතලිස් එක් ලක්ෂ අසූ දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් ඊයේ (25) රාත්‍රීයේ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු රත්මලාන ප්‍රදේශයේ පදිංච්, වැලි සපයන ව්‍යාපාරයක නිරත 48 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි වාර්තාවන්නේ.

ඔහුට එරෙහිව ගල්කිස්ස පොලීසියේ සහ කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ මූලස්ථානය විසින් පවරා ඇති මත්ද්‍රව්‍ය පිළිබද  නඩු 03 ක් විභාග වෙමින් පවතින බවයි පොලිසිය පවසනවා.

ඊයේ රාත්‍රී 06.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් මෙම සැකකරු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

සැකකරු රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ , ” ෂොපිං “බෑගයක බහා, මෙම ” “කුෂ්” මත්ද්‍රව්‍ය ග්‍රෑම් 418 ක ප්‍රමාණය සගවා ගෙනවිත් තිබූ බවට පොලිසිය සඳහන් කළා.

මත්ද්‍රව්‍ය තොගය සහ අදාල සැකකරු අද (26) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර , එහිදී ඔහුව රදවා තබා ගෙන ප්‍රශ්ණ කිරීම සදහා අවසර හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08