හජ් උත්සවය අදයි – ප්‍රධාන මුස්ලිම් පල්ලි අවට විශේෂ ආරක්ෂාවක්

ලොවපුරා ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (28) යෙදී තිබෙනවා.

ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දසවන දිනයේ දී පවත්වන උත්සවය මෙම නමින් හඳුන්වනු ලබනවා.

එම උත්සවය සමරනු ලබන්නේ අල්ලා දෙවියන් ඊබ්‍රාහිම් නබි තුමාට දුන් අණක් පිළිපැදීම සදහා ගත් උත්සාහයක් සිහිපත් කිරීම වෙනුවෙන්.

ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් පහ අතරින් අවසන් වගකීම හජ් වන්දනාවයි.

ඒ, අනුව මෙම දිනයට සමගාමීව ඉස්ලාම් දහමට අනුව පංච මහා වගකීම් වලින් එකක් වන හජ් වන්දනාව සිදුකරනවා.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණයි.

දිවයින පුරා හජ් උත්සවය වෙනුවෙන් අද (28) පෙරවරුවේ ආගමික වතාවත් සිදුකිරීමට නියමිතයි.

මේ අතර විශේෂ යාඥාවන් පැවැත්වෙන සියලුම ප්‍රධාන මුස්ලිම් පල්ලි සහ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් ආරක්ෂාව සඳහා යෙදවීමට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03