හජ් උත්සවය අදයි

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන, හජ් උත්සවය අදට (29) යෙදී තිබේ.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍ප්‍රධාන අරමුණ යි.

නබි තුමන්, තමන්ගේ පුත්‍රයා වන ඉස්මයිල් නබිතුමන්ව අල්ලා දෙවියන් වෙනුවෙන් කැප කිරීම සංකේතවත් කරන හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙන්නේ සෞදි අරාබියේ මක්කම නුවර පැවැත්වෙන වාර්ෂික හජ් වන්දනාව ය.

ඉස්ලාම් ධර්මයේ පංච මහා වගකීම් අතරින් පස්වැන්න හජ් ඉටු කිරීමයි.

ඉස්ලාම් දින දර්ශනයේ අවසන් මාසය වන දුල්හජ් මාසයේ දහවන දිනයේදී හජ්ජි උත්සවය මෙලෙස ඉස්ලාම් බැතිමතුන් සමරනු ලබති.

ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ හජ් උත්සව සුබ පැතුම පහතින් දැක්වේ.

අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයකින් පසු නැවුම් අපේක්ෂා සහිත අනාගතයක් උදෙසා ප්‍රයත්නයක යෙදෙන මොහොතක 2023 වර්ෂයේ එළැඹි හජ් උත්සවය අන් කවරදාටත් වඩා අපට සුවිශේෂ වේ.

දුකෙහි ගැලී සිටින ජනයා එම දුෂ්කරතාවයෙන් මුදා ගැනීමට අපේක්ෂාවකින් තොරව ඉදිරිපත්වීමේ සහ ඊට විසඳුම් සෙවීමේ මානුෂීය මෙහෙවරක නිරතවීමේ අගය, තෘප්තිය හජ් උත්සවයෙන් පිළිඹිඹු කෙරේ.

කැපවීමේ සහ පරිත්‍යාගයේ ඓතිහාසික සර්වකාලීන සංකේතය ලෙස ඉබ්‍රාහිම් නබිතුමාත්, එතුමාගේ පුත් ඉස්මායිල් නබිතුමාත්, හාජර් මව්තුමියත් සැලකේ. ඔවුහු ශතවර්ෂ ගණනාවක් සමස්ත ලෝකවාසී ජනතාවගේ ගෞරවයට ලක්වනුයේ ඔවුන් සිදුකළ කැපකිරීම්වලට කෘතවේදීත්වය ඵල කිරීමක් ලෙසිනි.

මෑත අතීතය තුළ ශ්‍රී ලංකාව පැවතියේ ද එබඳු දුෂ්කර තත්ත්වයක හෙවත් පසුබිමකය. එම දුෂ්කරතා මඟහැර රට වර්තමාන තත්ත්වයට පමුණුවා ගැනීම සඳහා ජනතාව කළ පරිත්‍යාගය, කැපවීම සහ ඉවසීම අතිශය සාධනීය හේතුවක් විය. ඔබ කළ කැප කිරීමටත් ඒ අතිශය තීරණාත්මක අවදිය සිහිපත් කිරීමටත්, හජ් උත්සවය වඩාත් උචිත අවස්ථාවක් ලෙස මම දකිමි.

එළැඹෙන හජ් සමය වන විට පවතින ආර්ථික, සමාජීය දුෂ්කරතාවන්ගෙන් සම්පූර්ණයෙන් මිදීමට සියලුදෙනාගේ දායකත්වය, මැදිහත්වීම සහ සහභාගීත්වය අතිශය වැදගත් වේ. කලාපීය සහ ගෝලීය ඉලක්ක ළඟා කර ගැනීමට සියලු දෙනා එක්ව සාමූහික අරමුණකට අත්වැල් බැඳගන්නැයි හජ් උත්සව සමයේදී ද මම ඔබට ආරාධනා කරමි.

වැඩිහිටි අපි අත්විඳින දුෂ්කරතා අනාගත පරපුරට නොතබා, ඔවුන් තිරසර සතුටක් සහිත ගෝලීය සමාජයේ ගෞරවයට ලක්වන අභිමානවත් ජාතියක් ලෙස ඔසවා තැබීමට කටයුතු කිරීමේ වැදගත්කම වත්මන් වැඩිහිටි සහ තරුණ ඔබට මේ අසිරිමත් හජ් උත්සවයේ දී සිහිපත් කරමි.

එළැඹි හජ් උත්සවය ශ්‍රී ලාංකේය ඉස්ලාමීය සහෝදර ජනයා සහ ගෝලීය ඉස්ලාමීය බැතිමතුන් ඇතුළු සැමට සුබ ප්‍රීතිමත් උත්සවයක් වේවා! යි ප්‍රාර්ථනා කරමි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10