spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හක් බෙල්ලන් තොගයක් සමග පුද්ගලයින් 03ක් අත්අඩංගුවට

නාවික හමුදාව, පොලිසිය සමග සිදු කළ සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැතිව හක් බෙල්ලන් 14163ක් පමණ තොගයක් ගබඩා කර සිටි පුද්ගලයින් තිදෙනෙකු (අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා සහ ඵුස්සදේව ආයතන, මන්නාරම පොලිස් ප්‍රාදේශීය අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්වයි මන්නාරම, ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම සිදු කර ඇත්තේ.

එම ප්‍රදේශයේ සැක කටයුතු නිවසක් පරික්‍ෂාවට ලක් කිරීමේදී එම නිවසේ ගබඩා කර තිබූ වට ප්‍රමාණය මිලිමීටර් 70 යන අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ එක් සැකකාරියක් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් අවුරුදු 24 ත් 33 ත් අතර වයසේ පසුවන මන්නාරම ඒත්තාලේ සහ ඉරුක්කලම්පිඩ්ඩි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් පිරිසක්.

එම සැකකරුවන් සහ හක් බෙල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?