හංසමාලි ට එක විදියක් … අපිට තව විදියක්

පාර්ලිමේන්තු වටරවුම අසල පසුගිය දා පැවති උද්ඝෝෂණයක දී නිරෝධායන නීති උල්ලංඝනය කළේ යැයි පවසමින් පොලීසිය විසින් පිරිසක් රැගෙන ගොස් පොලිස් බස්රථයක් තුළ ට දමන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල සංසරණය විය.

දැඩි විරෝධතා මධ්‍යයේ වයෝවෘධ කාන්තාවක් ව පොලිස් නිලධාරිනියන් විසින් එම බස්රථයට රැගෙන ගොස් දමන අයුරු එහි දැක්විණි.

එම කාන්තාව අද (12) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පැවසුවේ, එම අවස්ථාවේ දී බස් රථය තුළට තමාව පොලිස් නිලධාරීන් විසින් ඇතුළු කිරීමේ දී ඇයගේ හිස යකඩ බටයක වැදුනු බවය.

72 හැවිරිදි කාන්තාවක් වන ඇය එම සිදුවීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළාය.

“පොලීසිය භාර ඇමතිතුමා ළඟ ක්‍රමවේද දෙකක් තියෙනවා. හංසමාලි වගේ අයට එක විදියකුත් අපේ සහෝදරියෝ තාමත් එදා ඇඳුම් ඇඳගෙන ඉන්නවා ඒ අයට වෙන විදියකුත්. එහෙම වෙන්න බෑ. මොකද ආණ්ඩුව කියන්නේ රටේ සමස්ත ජනතාවගේ ආණ්ඩුවක්. ඒ අයට ආණ්ඩුවේ කෑලි කෑලි ගන්න බෑ. රටේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කළ යුතුයි.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?වියළි කාලගුණය නිසා ජනතාවගෙන් ආණ්ඩුවට චෝදනා
03:34
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58