සෞභාග්‍යය යළි උදාකරලීමට ජනාධිපති අලුත් රූපවාහිනී නාලිකාවක් අරඹයි..

“හරිත” රූපවාහිනී නාලිකාවේ මංගල විකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරිණ.

කෘෂිකර්මාන්තයෙන් පෝෂිත මෙරට අතීත සෞභාග්‍යය යළි උදාකරණු පිණිස ආගමික පසුබිමක් තුළ යහපත් කෘෂි ආර්ථිකයකට මග පෙන්වීම නාලිකාවේ ප්‍රධාන අරමුණයි.

කෘෂි කර්මාන්තයෙන් ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම, නව කෘෂි තාක්ෂණවේදීය ක්‍රම සහ පුරාතනයේ පැවති උසස් කෘෂි තාක්ෂණික විධි නැවත ස්ථාපනය කිරීම, පාරිසරික සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම, වාරි හා ධීවර කර්මාන්ත ඇතුළු සෑම ක්ෂේත්‍රයන්ගෙන්ම ජනතාව දැනුමින් පෝෂණය කිරීම හරිත ටීවී තුළ අන්තර්ගත මූලික සංකල්ප වේ.

“හෙළවත්, හරවත්, හිතවත්” යන්න එහි තේමාවයි. “හරිත” රූපවාහිනී නාලිකාව ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ජිනරතන අධ්‍යාපන පාලක සභාව විසින් නිර්මාණය කොට ඇත.

සෙත් පිරිත් සඡ්ජායනය මධ්‍යයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රූපවාහිනී මංගල විකාශය ආරම්භ විය.

ජනාධිපතිතුමා අතින් හරිත වෙබ් අඩවිය (www.harithatv.com) සහ තේමා ගීතය එළිදැක්විණ.

පැළ බෙදාදීම සංකේතවත් කරමින් පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියෝ ජනාධිපතිතුමා වෙත පැළයක් පිරිනැමූහ.

ඩයලොග් නාලික අංක 16 සහ PEO TV නාලිකා අංක 09 ඔස්සේ “හරිත” රූපවාහිනිය ජනතාවට නැරඹිය හැකිය.

මහානායක, අනුනායක හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, කථානායක මහින්ද යාපා අබේවර්ධන, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරු, මැති ඇමතිවරු, තානාපතිවරු, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ රාජ්‍ය නිලධාරීහූ, ආරක්ෂක අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

  1. මම හිතන්නෙ මෙයාට එන ජනතා අප්‍රසදය හෝදාඅරින්න අලුත් නාලිකාවක් දාලද කොහෙද මොකද දැන් 69 ලක්ශයෙන් ලක්ශ 20ක් විතර දෙරණ ප්‍රතික්ශේප කරනවනෙ ….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26