සෞදියේ විරෝධය හමුවේ පාකිස්ථානය ඩොලර් බිලියන 1.5ක අවි ගනුදෙනුවක් අත්හරී

පාකිස්ථානය සුඩානයට ආයුධ සහ ජෙට් යානා සැපයීම සඳහා වූ ඩොලර් බිලියන 1.5 ක ගනුදෙනුවක් අත්හිටුවා ඇති බව පකිස්ථාන ආරක්ෂක ආරංචි මාර්ග සහ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සුඩානයේ හමුදාව සහ පැරාමිලිටරි කණ්ඩායම් අතර ගැටුම වසර තුනක් පමණ ලෝකයේ දරුණුතම මානුෂීය අර්බුදයක් නිර්මාණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වුණේ ජනවාරි මාසයේ මෙම ගනුදෙනුව අවසන් අදියරේ පැවති බවත් එය සෞදි අරාබිය විසින් තැරැව්කාර කටයුතු කර ඇති බවයි.

පසුගිය වසරේ මැයි මාසයේදී ඉන්දියාව සමඟ ඇති වූ ගැටුම්වලින් පසු පකිස්ථාන හමුදාව විසින් සාකච්ඡා කරන ලද ආරක්ෂක විකුණුම් කිහිපයක් අතර මෙම ගනුදෙනුවද පැවති බවත් එම වාර්තාවල සඳහන්.

සෞදි අරාබිය පාකිස්තානයේ සමීපතම රටවල් අතුරින් එකක්.

“සෞදි අරාබිය එයට අරමුදල් සැපයීමේ අදහස අතහැර දැමීමෙන් පසු පාකිස්තානය ගිවිසුම අවසන් කළ යුතු බවට සංඥා කර ඇත,” ආරක්ෂක මූලාශ්‍රයක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළා.

සෞදි රජය හෝ සුඩාන හමුදාව මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නැහැ.

අප්‍රිකාවේ ප්‍රොක්සි යුද්ධවලින් ඈත්ව සිටින ලෙස සමහර බටහිර රටවල් සෞදි අරාබියට උපදෙස් දී ඇති බව මූලාශ්‍රය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

දෙසැම්බර් මාසයේදී වාර්තා වූ ලිබියානු ජාතික හමුදාව සමඟ තවත් ඩොලර් බිලියන 4 ක ගනුදෙනුවක් ද අනතුරේ වැටී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51