සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් රටට වැදගත් ඉල්ලීමක් කරයි

මෙරට දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතියේ ප්‍රතිඵල දැක ගැනීමටනම් අවම වශයෙන් තවත් සති දෙකකින්වත් එය දීර්ඝ කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ජනතාව නිරෝධායන ඇඳිරි නීතියට අනුගත වෙමින් නිසි සෞඛ්‍ය පුරුදු පිළිපදින්නේ නම් වාර්තාවන රෝගීන් සංඛ්‍යාව අඩු වනු ඇති අතර රට නැවත විවෘත කිරීමට හැකි වනු ඇති බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම, ඔක්තෝබර් මස මැද භාගයේදී මෙරට එන්නත්කරණය අවසන් වුවහොත් ඒ මස අග භාගයේදී රට යථා තත්ත්වයට පත් වනු ඇතැයි ද ඔහු පෙන්වා දෙනවා.

තවද, ඩෙල්ටා ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් කෙසේ වෙතත්, මෙරට ජනතාවට තෙවන බූස්ටර් මාත්‍රාවක් ලබා දීම පිළිබඳව අවසන් තීරණය ගෙන නොමැති බවත් ඔහු පවසනවා.

මේ අතර, මෙරට තුල ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් ඇති කොවිඩ් වසංගතය පාලනය කිරීම උදෙසා තවත් සති දෙකෛන් පමණ ඇඳිරි නීතිය දීර්ඝ කළ යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද පවසා සිටියා.

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ රට තුල හඳුනානොගත් කොවිඩ් ආසාදිතයින් 50,000ක් පමණ සමාජයේ සිටිය හැකි බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යාව අංශ ප්‍රධානී සහ ඩෙංගු පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය උපුටා දක්වමින් මින් පෙර අවස්තාවකදී රාජ්‍ය ඇමතිවරිය පවසා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27