සෞඛ්‍ය වෘත්තීය සමිති ගත් තීරණයක්

අද (11) පෙරවරු 7 සිට දහවල් 12 දක්වා  සියලු සෞඛ්‍ය සේවාවලින් ඉවත්වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

වෛද්‍ය රාසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවීමට නියමිතය.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ, අද දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැවතිය ද කොවිඩ් ආසාදිතයින් සඳහා වු හදිසි හා අත්‍යවශ්‍ය සේවාවන් සිදුකරන බවය.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන්වලට සහය දැක්වීමෙන් ඉවත් වන බව ප්‍රාදේශිය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ඊයේ (10) ප්‍රකාශ කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55
Video thumbnail
නයෙක් නිසා උඩුයටිකුරු වුණ දඹුල්ල රෝහල - "නයි හාමි කරදර නොකර යන්න.."
01:48
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32