සෞඛ්‍ය බලධාරීන් ගේ වැරදි දත්ත – වගකිවයුත්තේ කවුරුන් ද ?

සෞඛ්‍ය අංශ නිකුත්කරන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාලේඛණ සහ දත්ත සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇත්තේ ගැටලුකාරී තත්ත්වයකි.

එවන් පසුබිමක සත්‍ය දත්ත කුමක්ද යන්න පිළිබඳව ද මතුව ඇත්තේ ගැටලුවකි. 

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 7,000කට වැඩි පිරිසක් නිසි අධීක්ෂණයක් නොමැතිව සිටින බවට ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේදී ඊයේ (10) අනාවරණ විය.

එමෙන්ම නැගෙනහිර පළාතෙන් ඊයේ (10) හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳව ද විශාල පරස්පරතාවක් පවතින බව අද අනාවරණ විණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන කමිටුව ඊයේ පස්වරුවේ රැස්වූ අතර එහිදී දිස්ත්‍රික්කය තුළ කිසිදු අධීක්ෂණයක් නොමැතිව ආසාදිතයින් 7,000කට වැඩි සංඛ්‍යාවක් සිටින බවට එහිදී අනාවරණය විය.

ඒ අනුව දැඩි ආන්දෝලනයට තුඩුදෙන මෙම සංඛ්‍යාලේඛන පිළිබඳව “අද දෙරණ” විශ්ලේෂණාත්මකව සොයා බැලීය.

මෙරට කොවිඩ්-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවධානය යොමුකරන විට ගම්පහ දිස්ත්‍රික්කයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

පසුගිය අගෝස්තු 01 වනදා සිට අගෝස්තු 09 දක්වා දින 09 සැලකීමේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ බවට වසංගත රෝග විද්‍යා ඒකකය තහවුරුකළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3629කි.

කෙසේ වෙතත්, එම දින 09 තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12,555 දෙනෙකු වාර්තාවී ඇති බව ඊයේ පැවැති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේදී අනාවරණය වුණි.

එනම් එම කාලසීමාව තුළ වසංගත රෝග විද්‍යා ඒකකය තහවුරුකළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා ආසාදිතයින් 8,926ක් වැඩියෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව ඒ අනුව පැහැදිලිය.

මෙහිදී සැලකිය යුතු තවත් කරුණක් නම් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවට සැලකිය හැකි දෛනික ආසාදිතයින්ගේ සාමාන්‍ය 1,395ක් වැනි ඉහළ අගයක් ගැනීමය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙලෙස දින 09 කදී වාර්තා වූ ආසාදිතයින් 12,555 දෙනා සැලකීමේදී ඉන් රෝහල්ගත කර තිබෙන සංඛ්‍යාව 4046ක් ලෙස දැක් වෙයි.

එනම් අදාළ දින 9ක කාලය තුළ වසංගත රෝග විද්‍යා ඒකකය තහවුරුකළ සමස්ත ආසාදිතයින් ගණන වූ 3,629ද ඉක්මවා ආසාදිතයින් ප්‍රමාණයක් රෝහල්ගතකර තිබෙන බව පෙනීයයි.

තවත් 1,506 දෙනෙකු නිවෙස් තුළ ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවද ඊයේ වාර්තා විණි.

සමස්තයක් ලෙස සැලකීමේදී ආසාදිතයින් 8,900කට වැඩි සංඛ්‍යාවක් වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තානොවී තිබීම ප්‍රශ්නාර්ථයක් මතුකරන්නකි.

මේ අතර කොවිඩ් ආසාදිතයින් පිළිබද සංඛ්‍යාවල අවුල්සහගත තත්ත්වයක් පවතින පසුබිමක නැගෙනහිර පළාතේ ආසාදිතයින්ගේ සංඛ්‍යා දත්තවල පරස්පරතාවක් මතුවන්නේ නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අනාවරණයකළ දත්ත කිහිපයක් හේතුවෙනි. 

ඔහු පැවසුවේ පසුගිය පැය 24 තුළ නැගෙනහිර පළාතේ ආසාදිතයින් 837ක් වාර්තාවී ඇති බවය.

ඒ අනුව, ඊයේ රජය නිකුත් කළ දත්තවලට අනුව මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 45 ක් සදහන් වුවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ දත්තවලට අනුව එය 342ක් විය යුතුය. 

එමෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71ක් ලෙස රජයේ දත්තවල සඳහන් වුවද එය 163ක් බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

අම්පාර දිස්ත්‍රික්කයේද ඊයේ ‍රජය තහවුරු කළ සටහනේ දැක්වෙන්නේ ආසාදිතයින් 78ක් වුවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ දත්තවලට අනුව එය 332ක් ලෙස දැක්වෙයි.

එබැවින් දත්තවල ඇති අවුල් සහගත තත්ත්වයක් මනාව පිළිබිඹු වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51