සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද (12) සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ නව මාර්ගෝපදේශ මාලාව මෙන්න

මේ මස 31 වනදා දක්වා අන්තර් පළාත් ගමනාගමනය සීමා කිරීම හා පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව හෙට සිට රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා අත්‍යාවශ්‍ය නොවන සියලුම සංචරණවලට අවසර නොලැබෙන අතර, දිනකදී නිවසකින් පිටත යාමට අවසර ලැබෙන්නේ එක් පුද්ගලයෙකුට පමණයි.

ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව ඔත්තේ හෝ ඉරට්ටේ දිනයන්හි ඔවුන්ට එලෙස නිවසින් පිටව යා හැකියි.

එමෙන්ම, පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමේදී බස් හෝ දුම්රිය ආසන ධාරිතාව මගින් ප්‍රවාහනය කිරීමට අවසර ලැබෙන බවයි එමගින් නිවේදනය කළේ.

පෞද්ගලික කූලී රථ සේවා වන මෝටර් රථ සහ ත්‍රී රෝද රථ සඳහා උපරිම මගීන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමාවන අතර වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාවට සීමා වනවා.

කොවිඩ් වෛරසය ආසාදනය නොවූ මෘත දේහ රෝහලෙන් හෝ මරණ පරීක්ෂකවරයා විසින් මුදාහැර පැය 24ක් තුල අවසන් කටයුතු සිදු කළ යුතුයි.

ලබාදී ඇති උපදෙස්වලට අනුකූලව පැමිණෙන පුද්ගලයින් ප්‍රමාණය අවම කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් වරකට උපරිම පුද්ගලයන් 15කට සීමා කර අවසන් කටයුතු සිදුකළ යුතු වනවා.

පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර හිමිවන්නේ නැහැ.

නිවෙස්වල පැවැත්වෙන සුලු සාද ද ඇතුලුව උත්සව, සාද, එක්රැස්වීම් පැවැත්වීමට අවසර හිමි නොවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14