spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද (12) සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ නව මාර්ගෝපදේශ මාලාව මෙන්න

මේ මස 31 වනදා දක්වා අන්තර් පළාත් ගමනාගමනය සීමා කිරීම හා පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව හෙට සිට රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා අත්‍යාවශ්‍ය නොවන සියලුම සංචරණවලට අවසර නොලැබෙන අතර, දිනකදී නිවසකින් පිටත යාමට අවසර ලැබෙන්නේ එක් පුද්ගලයෙකුට පමණයි.

ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව ඔත්තේ හෝ ඉරට්ටේ දිනයන්හි ඔවුන්ට එලෙස නිවසින් පිටව යා හැකියි.

එමෙන්ම, පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමේදී බස් හෝ දුම්රිය ආසන ධාරිතාව මගින් ප්‍රවාහනය කිරීමට අවසර ලැබෙන බවයි එමගින් නිවේදනය කළේ.

පෞද්ගලික කූලී රථ සේවා වන මෝටර් රථ සහ ත්‍රී රෝද රථ සඳහා උපරිම මගීන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමාවන අතර වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාවට සීමා වනවා.

කොවිඩ් වෛරසය ආසාදනය නොවූ මෘත දේහ රෝහලෙන් හෝ මරණ පරීක්ෂකවරයා විසින් මුදාහැර පැය 24ක් තුල අවසන් කටයුතු සිදු කළ යුතුයි.

ලබාදී ඇති උපදෙස්වලට අනුකූලව පැමිණෙන පුද්ගලයින් ප්‍රමාණය අවම කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් වරකට උපරිම පුද්ගලයන් 15කට සීමා කර අවසන් කටයුතු සිදුකළ යුතු වනවා.

පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර හිමිවන්නේ නැහැ.

නිවෙස්වල පැවැත්වෙන සුලු සාද ද ඇතුලුව උත්සව, සාද, එක්රැස්වීම් පැවැත්වීමට අවසර හිමි නොවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?