සෞඛ්‍ය සේවක වර්ජනයෙන් මධ්‍යම පළාතේ රෝහල් කටයුතුවලට බාධා

පළාත් මට්ටමින් ක්‍රියාත්මක කෙරන වෘත්තීය ක්‍රියාමාර්ග මාලාව යටතේ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (13) මධ්‍යම පළාතේ සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සේවයෙන් ඉවත්වුණා.

මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි පීඩාවකට පත් වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

රාජ්‍ය සේවයේ තෝරාගත් කාණ්ඩ කිහිපයකට පමණක් දීමනා ලබාදීමට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (13) මධ්‍යම පළාතේ රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන කේන්ද්‍ර කර ගනිමින් පෙරවරු 8.00 සිට පස්වරු 12.00 දක්වා සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුණා.

මේ හේතුවෙන් අද පෙරවරුවේ මධ්‍යම පළාතේ රෝහල් වෙත පැමිණි ජනතාව දුෂ්කරතාවට පත්ව සිටියා.

පළාත් මට්ටමින් සෞඛ්‍ය සේවකයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය සතියේ ආරම්භ කළා.

මේ අතර සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ මධ්‍යම පළාතේ සෞඛ්‍ය වැඩ වර්ජනයක් සම්බන්ධයෙන් සිය වෘත්තීය සමිතිය වෙත කිසිදු ඉල්ලීමක් සිදු නොකළ නිසා අද වර්ජන ක්‍රියාමාර්ගයට සිය සංගමය සහාය නොදක්වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48