සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද වර්ජනයේ – ඇමති දහවල් 12ට විශේෂ සාකච්ඡාවකට කැඳවයි

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව අද (16) පෙරවරු 6.30 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමට බල කරමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගය සිදුකරන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ.

මේ අතර සෞඛ්‍ය වෘත්තීය සංගම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (16) දහවල් 12.00ට පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත්කරමින් මේ බව දැනුම් දෙන අතර, එම සාකච්ඡාව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව එහි සඳහන්.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා සහභාගීවන ලෙස සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයට ද දැනුම්දීමක් කර තිබෙනවා.

සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමට රුපියල් 35,000ක දීමනාවක් ලබා ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති මෙම එකාබද්ධ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව සඳහන් කළා.

මේ අතර වෛද්‍යවරුන්ට ලබාදීමට තීරණය කර ඇති රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව දින කිහිපයක් සිදුකළ වර්ජන ක්‍රියාමාර්ගය පසුගිය 12 වනදා අවසන් වුණා.

WhatsApp Image 2024 01 15 at 6.25.29 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32