සෞඛ්‍ය වෘත්තීය සමිති හා මුදල් ලේකම් අතර සාකච්ඡාවක් – විසඳුමක් නොලැබුණොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග (වීඩියෝ)

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර සාකච්ඡාවක් අද (06) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වෙන මෙම සාකච්ඡාවේ දී වැටුප් හා දීමනා ඇතුළු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

අද (06) පැවැත්වෙන මෙම සාකච්ඡාවල දී සාර්ථක විසඳුමක් නොලැබුණහොත් යළි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පැවසුවා.

රජයේ වෛද්‍යවරුන්ට ලබාදෙන රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ඉල්ලා සෞඛ්‍ය අංශයේ සේවකයින් පසුගිය දා එක්දින වැඩ වර්ජනයක් ද ක්‍රියාත්මක කළා.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් මෙම වර්ජනය සඳහා එක්ව සිටියා.