සෞඛ්‍ය වෘත්තීය සමිති හා සෞඛ්‍ය ඇමති අතර සාකච්ඡාව ධනාත්මකයි – රවී කුමුදේශ්

සෞඛ්‍ය වෘත්තීය සමිති සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර අද (19) පෙරවරුවේ පැවති සාකච්ඡාව ධනාත්මක තැනක පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළා.

සෞඛ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ද ධනාත්මක තැනක පසුවන බවයි ඔහු පැවසුවේ.

අද සාකච්ඡාවට භාජනය වූ සෞඛ්‍ය වෘත්තීය සමිති යෝජනා සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් සමඟ හෙට (20) දිනයේ දී සාකච්ඡා කර මුදල් අමාත්‍යාංශයයට දැනුම්දීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සහතික වූ බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති කැඳවුම්කරු රවී කුමුදේශ් වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව මෙම සතිය ඇතුළත මෙම සාකච්ඡාවන් වෘත්තීය මට්ටමෙන් සිදුකිරීමට බලාපොරොත්තුවන බව සඳහන් කළ සභාපතිවරයා ඊට බාධාවන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට නොයෑමට දැනට තීරණය කර ඇති බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ.

වෛද්‍යවරුන්ගේ ඩැට් දීමනාව ඉහළ දැමීමට සාපේක්ෂව සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල දීමනාවන් ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව අද (19) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවැත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39