spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සෞඛ්‍ය වෘත්තීය සමිති හා සෞඛ්‍ය ඇමති අතර සාකච්ඡාව ධනාත්මකයි – රවී කුමුදේශ්

සෞඛ්‍ය වෘත්තීය සමිති සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර අද (19) පෙරවරුවේ පැවති සාකච්ඡාව ධනාත්මක තැනක පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළා.

සෞඛ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ද ධනාත්මක තැනක පසුවන බවයි ඔහු පැවසුවේ.

අද සාකච්ඡාවට භාජනය වූ සෞඛ්‍ය වෘත්තීය සමිති යෝජනා සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් සමඟ හෙට (20) දිනයේ දී සාකච්ඡා කර මුදල් අමාත්‍යාංශයයට දැනුම්දීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සහතික වූ බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති කැඳවුම්කරු රවී කුමුදේශ් වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව මෙම සතිය ඇතුළත මෙම සාකච්ඡාවන් වෘත්තීය මට්ටමෙන් සිදුකිරීමට බලාපොරොත්තුවන බව සඳහන් කළ සභාපතිවරයා ඊට බාධාවන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට නොයෑමට දැනට තීරණය කර ඇති බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ.

වෛද්‍යවරුන්ගේ ඩැට් දීමනාව ඉහළ දැමීමට සාපේක්ෂව සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල දීමනාවන් ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව අද (19) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවැත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
2
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?