සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය පැය 24කින් කල් යයි

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (02) දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වර්ජනය පැය 24 කින් කල්දමා තිබෙනවා.

රෝහල් 10ක හෙට උදෑසන 6.30 සිට සේවාවෙන් ඉවත්වීමේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණා.

අද (01) දවසේ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාව හදිසි කාරණාවක් හේතුවෙන් හෙට සවස දක්වා කල් තැබූ බව සෞඛ්‍ය ලේකම්වරයා විසින් දැනුවත් කොට තිබුණා.

මේ හේතුවෙන් හෙට දිනට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය පැය 24කින් කල් තැබීමට සෞඛ්‍ය වෘත්තීය සබඳි සන්ධානය තීරණය කරන තිබෙනවා.

එසේම හෙට උදෑසන 6.30 සිට රෝහල් 10ක පැය හතරක සේවාවෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව
ශ්‍රී ලංකා ජාතික රෝහල
කරාපිටිය ශික්ෂණ රෝහල
යාපනය ශික්ෂණ රෝහල
මඩකලපුව ශික්ෂණ රෝහල
පේරාදෙණිය ශික්ෂණ රෝහල
කෑගල්ල මහ රෝහල
පොළොන්නරුව මහ රෝහල
ත්‍රිකුණාමලය මහ රෝහල
වව්නියාව මහ රෝහල
මන්නාරම මූලික රෝහල

ඉදිරි පැය කීපය තුළ මෙම ගැටලුව විසදුමක් නොලැබේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව සන්ධානය දන්වා සිටියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.
01:33
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි
01:43
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ
01:49
Video thumbnail
හිරේ දාන්න යනවා කියලා නාමල්ට ඕන රැස්වීමට සෙනඟ අද්දවගන්න - ආණ්ඩුව නෙවෙයි පච ගැහුවේ
02:44
Video thumbnail
නඩු ටික මතක තියාගෙන රැස්වීම් කරගෙන යන්න - නලින්දගෙන් සැර කතාවක්
02:58